Home / Featured / ෆෙඩරල්ද?ඒකීයද?බුද්ධාගමට බලපෑමක් වෙනවාද? නැද්ද?-ජනපති අවංකව නම් මේන්න අවස්ථාව

ෆෙඩරල්ද?ඒකීයද?බුද්ධාගමට බලපෑමක් වෙනවාද? නැද්ද?-ජනපති අවංකව නම් මේන්න අවස්ථාව

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රටට, මහා සංඝරත්නයට හා ජනතාවට අවංක වී ඇත්ත  හෙලි කරන ලෙස ඉල්ලා සිටින බව  ගෙවිදු කුමාරතුංග පවසයි.අද(14)යුතුකම සංවාද කවය කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ගෙවිදු කුමාරතුංග සදහන් කළේ …

“අස්ගිරියේ මහනායක ස්වාමින්වහන්සේලා හා ඊට  පස්සේ ත්‍රෛනිකායික මහනායක ස්වාමින්වහන්සේලා තමන්ගේ ප්‍රමුඛ අවධානය නව ව්‍යවස්ථා සම්පාදනය කෙරෙහි දක්වා ඇති විට අපි දකිනවා විවිධ ප්‍රකාශ මේ සම්බන්ධයෙන් කෙරෙනවා. අතිගරු ජනාධිපතිතුමා ඉතා පැහැදිළිව කියනවා බුද්ධාගම සම්බන්ධයෙන් දැනට පවතින ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන හෝ රටේ ඒකියභාවය පිළිබඳව ඇති ප්‍රතිපාදන මොනම ආකාරයකටවත් වෙනස් කිරීමකට ලක් කරන්නේ නැහැ කියලා. අපි දැක්කා අගමැතිතුමත් ඒ ආකාරයේම ප්‍රකාශ කරලා තිබුණා. මේ සියළු ප්‍රකාශ අරගෙන බැලුවම අපිට පෙනෙන්නේ මේ කියන කතා ඇත්තද, රටේ නව ව්‍යවස්ථාවක් හදන්නේ නැද්ද, ඒකෙන් රටේ ඒකියභාවයට බුද්ධාගමට බලපෑමක් වෙන්නේ නැද්ද කියලා. නමුත් සුමන්තිරන් මන්ත්‍රිතුමා යාපනයේදි කියලා තිබුණා අපි මේ රජය එක්ක ඉන්නේ අපේ දේශපාලන අවශ්‍යතා වලට ගැලපෙන ව්‍යවස්ථාවක් ගෙන ඒම වෙනුවෙන් කියලා. එකේ ෆෙඩරල් විසදුම නැතත් ෆෙඩරල් විසදුම අන්තර්ගත වෙනවා කියලා.”

“දැන් අනුකමිටු හයේ යෝජනා ඉදිරිපත් කරලා තියනවා. ඒකාබද්ධ විපක්ෂය මෙම වාර්තා සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධතාව පැහැදිළිව දක්වලා තිබෙනවා. නිමුත් කණගාටුවට කාරණාව වන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ යෝජනා සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය මේ වන තෙක් දක්වලා නැහැ. කිසිම යෝජනාවක් ගැන පක්ෂ ද විපක්ෂද කියන කිසිම නාමයක් මේ වනකම් නැහැ. එක්සත් ජාතික පක්ෂය මේ යෝජනා එකකට හෝ එකඟ ද නැද්ද කියලා කිසිම සඳහනක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ මේ යෝජනා සම්බන්ධයෙන් එකඟ ද නැද්ද කියලා කිසිම සඳහනක් නැහැ. දෙමළ සන්ධානයද මේ යෝජනා වලට පක්ෂද විපක්ෂද කියලා නැහැ. එහෙම නම් අපිට නිගමනය කරන්න තියෙන්නේ අද පාර්ලිමේන්තුවේ ආණ්ඩුවත් විපක්ෂයත් පාලනය කරමින් මේ රටේ බලය දරන එක්සත් ජාතික පක්ෂය, නිදහස් පක්ෂය,  ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ සන්ධානය දරන මතය තමයි මේ අනුකමිටු වාර්තා තුළ තියෙන්නේ කියලා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියන්නේ ඔබතුමා අවංකව නම් මේ ප්‍රකාශ කරන්නේ කරුණාකරලා ඔබතුමාගේ පක්ෂයේ නියෝජිතයන් මේ මෙහෙයුම් කමිටුවේ ඉන්නවා ඔවුන්ට ලිඛිතව දෙන්න කියන්න ඒකියභාවයට, බුද්ධාගමේ ප්‍රමුඛතාවයට හානියක් වෙන්නේ නැහැ කියලා, ඔබතුමාගේ නියෝජිතයෝ මේකට ලිඛිතව කරුණු දක්වන්නේ නැත්නම් ලිඛිතව හේතු දක්වන්නේ නැත්නම් මෙම යෝජනා වලට එරෙහිව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ කරුණු දක්වන්නේ නැත්නම් මොකද්ද මේ වෙන්නේ. ඔබතුමා පන්සල්වලට හෝ මාධ්‍ය වෙත නෙමෙයි ප්‍රකාශ සිදු කළ යුත්තේ මේ කමිටුවට මැදිහත් වෙලා නිවරැදි කිරීමයි කළ යුත්තේ,”

Gewidu Kumarathunga

Check Also

මන්ත්‍රී රොෂාන් ඒකාබද්ධයෙන් ගියේ නෑ -ආණ්ඩුවේන් එළියට එන්න ඕන නම් හොදම දවස සැප්තැම්බර් 02

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බවට මාධ්‍ය තුළ පළ වු පුවත මුළුමනින්ම සාවද්‍ය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *