Home / Featured / ඩෙංගු 1,00000 සීමාවට ඔන්න මෙන්න ….රජයේ රෝහල් ඩෙංගු රෝගින්ගේ තවදුරටත් පිරි ඉතිරි යයි !!

ඩෙංගු 1,00000 සීමාවට ඔන්න මෙන්න ….රජයේ රෝහල් ඩෙංගු රෝගින්ගේ තවදුරටත් පිරි ඉතිරි යයි !!

දිවයිනෙන් මේ වන විට ඩෙංගු රෝගින් 90,000 ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතිත ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර පවසයි. ඇය සදහන් කලේ රෝගය පාලනය කර ගැනිම සදහා සියළු දෙනාගේම සහයෝගය අත්‍යවශ්‍ය වන බවයි.

මේ අතර රට පුරා ව්‍යාප්තව යන ඩෙංගු දුරලීම සඳහා අද ඩෙංගු මර්දන වැඩසටහනක් සියලු මාධ්‍ය ආයතන දායකත්වයෙන් ක්‍රියාවට නංවා තිබුණා.ඒ, ජනාධිපති ඩෙංගු මර්දන කාර්ය සාධක බලකායේ ඩෙංගු මර්දන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහායි.මේ අනුව අද පෙරවරු 10 සිට 12 දක්වා රට පුරා පරිශ්‍ර පිරිසිදු කිරිමේ කටයුතු සිදු කිරිම් සිදු කෙරුණා.

එමෙන්ම දිවයින පුරා පිහිටි සියලු දුම්රිය ස්ථාන සහ උප දුම්රිය ස්ථාන සඳහා ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.ඒ අනුව හෙට සිට ලබන 23 වනදා දක්වා ඩෙංගු මර්දන සතිය ප්‍රකාශයට පත් කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කළා.එහි සමාරම්භක ජාතික වැඩසටහන හෙට උදෑසන 09.00ට දෙමටගොඩ දුම්රිය ස්ථානයේදී පැවැත්වීමට නියමිතය.සියලුම දුම්රිය ස්ථාන, දුම්රිය ස්ථාන පරිශ්‍ර, දුම්රිය අංගන පවිත්‍ර කිරීම මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ .

තවදුරටත් රජයේ රෝහල් තුළ ඩෙංගු රෝගින්ගේ තදබදයක් පවතින බවද අප කල සොයා බැලිමකදීද අනාවරණය වුණා. විශේෂයෙන් කොළඹ ජාතික රෝහල ,ශ්‍රි ජයවර්ධනපුර රෝහල ,කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් ගණනාවක ඩෙංගු රෝගින් නිසා විශාල තදබදයක් පවතිනවා. කෙසේ වෙතත් නේවාසිකව ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගින් සදහා ප්‍රතිකාර ලබා දිම සදහා වෛද්‍යවරුන් අඛණ්ඩව කටයුතු කරමින් සිටී.සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ද ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ඒ සදහා සහයෝගය ලබා දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Check Also

මන්ත්‍රී රොෂාන් ඒකාබද්ධයෙන් ගියේ නෑ -ආණ්ඩුවේන් එළියට එන්න ඕන නම් හොදම දවස සැප්තැම්බර් 02

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බවට මාධ්‍ය තුළ පළ වු පුවත මුළුමනින්ම සාවද්‍ය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *