Home / Featured / මීතොටමුල්ල ඛේදවාචකය එතැනමයි ….ජනතාවට උන්හිටි තැන් නෑ ….ආණ්ඩුව ඇග බේරා ගනී !!!

මීතොටමුල්ල ඛේදවාචකය එතැනමයි ….ජනතාවට උන්හිටි තැන් නෑ ….ආණ්ඩුව ඇග බේරා ගනී !!!

මීතොටමුල්ල මහා ඛේදවාචකය සිදූවී ජුලි 14 දිනට තෙමසක් ගත වුවද එම ප්‍රදේශයේ ජනතාව තවදුරටත් අර්බුධතා මාධ්‍යයේ ජීවත් වන බව කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ ප්‍රධාන සංවිධායක නුවන් බෝපගේ පවසයි.මීතොටමුල්ල ඛේදවාචකයෙන් මිය ගිය පිරිස සිහි කරමින් ඔවුන්ගේ නම් සටහන් කල සමරු ඵලකයක් අද මීතොටමුල්ල කුණු කන්ද අභියසදී විවෘත්ත කෙරුණා.

ඒ ප්‍රදේශයේ පදිංචිව සිටින ජනතාවගේ මැදිහත් වීමෙන්.එහිදී අදහස් දක්වමිනුයි නුවන් බෝපගේ මේ අදහස් පල කලේ.

මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් නිවාස 98 ක් සම්පුර්ණයෙන් විනාශ වූ අතර සිද්ධියෙන් අනතුරුව තවත් පවුල් ගණනාවකට එම ප්‍රදේශය හැර යාමට සිදුවූයේ එය අවදානම් කලාපයක් ලෙස නම් කිරීම හේතුවෙනි.

එහිදී රජය විසින් නිවාස වලට ලබා දුන් තක්සේරු වටිනාකම් සම්බන්ධයෙන් ගැටළු ගණනාවක් මතුව ඇති බවත් ඒ තක්සේරු වටිනාකම් අසාධාරණ බවද ප්‍රදේශවාසින් පවසනවා.

“අපිට දීලා තියෙන නිවාස තක්සේරුව මදි, බලන්න මේ ගෙදරට ලක්ෂ 26යි දෙනවා කියන්නේ, කියන්න මට මේ වගේ ගෙයක් ඒ ගානට ගන්න පුළුවන්ද, කාමර 4යි බාත් රුම් 2යි, ටයිල් කරපු ගෙයක්”

“මගේ ගෙදරට දීලා තියෙන්නේ ලක්ෂ 30ක්, බලන්න කාමර 3ක් තියෙනවා, ඉඩමට පස්සේ දෙනවලු, ඒ වුනාට මේ ලක්ෂ 30න් මේවගේ ගෙයක් හදන්න පුළුවන්ද?”

ප්‍රදේශවාසින් මාධ්‍යට අදහස් පල කරන්නට විය.

 

Check Also

මන්ත්‍රී රොෂාන් ඒකාබද්ධයෙන් ගියේ නෑ -ආණ්ඩුවේන් එළියට එන්න ඕන නම් හොදම දවස සැප්තැම්බර් 02

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බවට මාධ්‍ය තුළ පළ වු පුවත මුළුමනින්ම සාවද්‍ය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *