Home / Featured / සුද්දා සතුටු කරන්න පත්තරවල නිවුස් දාන්න රණවිරුවන් අල්ලන් යනවා….සුද්දෝ සතුටු කරන්න හමුදාවක් දඩයක් කරන ආණ්ඩුවක් මෙක

සුද්දා සතුටු කරන්න පත්තරවල නිවුස් දාන්න රණවිරුවන් අල්ලන් යනවා….සුද්දෝ සතුටු කරන්න හමුදාවක් දඩයක් කරන ආණ්ඩුවක් මෙක

එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලයේ සුද්දෙක් ඇවිල්ල ඉන්නවා ලංකාවට. ඒ සුද්දා ලංකාවට ඇවිත් ඉන්න කොට පත්තර වල තියෙන්න ඕන යුධ අපරාධ කරපු අයව අත්තඩංගුවට ගන්නවා කියලා තියන ප්‍රවෘත්ති අන්න ඒ ප්‍රවෘත්ති හදලා දෙන්න තමයි කොමදෝරු දසනායකව මෙ විදියට නීති විරෝධීව අත්තඩංගුවට අරගෙන තියෙන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පවසයි.

අත්අඩංගුවට පත්ව රෝහල් ගතව සිටින කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතාගේ සුවදුක් විමසීම සදහා අද (15) කොළඹ ජාතික රොහලට පැමිණි විමල් වීරවංශ මාධ්‍ය හමුවේ මේ අදහස් පලකර සිටියා..

“යුද්ධය පැවති සමයේ ඉතා විශිෂ්ට සේවාවක් කරපු නාවික හමුදා බුද්ධි අංශ නායකයා කොමදෝරු දසනායක මහත්තයා මේ වනකොට කොළඹ මහ රෝහලේ තමයි ප්‍රතිකාර ලබන්නේ. ඉතාම නින්දිත දෙයක් සිදු වුණා ඊයේ බන්ධනාගාර බලධාරීන් අතින්. විනිශ්චකාරතුමිය බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත කටයුතු කරන්න කියලා බන්ධනාගාර රෝහලට කොමදෝරු දසනායක ගෙනිච්චේ. බන්ධනාගාර රෝහලේ සියළු වෛද්‍යවරුන් නිර්දේශ කරනවා මොහුට කලින් ප්‍රතිකාර කරපු නාවික හමුදා රෝහලට ගෙනි යන්න. උසාවියේ ඉඳන් බන්ධනාගාර රෝහලට ගෙනාපු වෙලාවේ ඉදන් හවස 5.30 වෙනකම් ගිලන් රථයේ තියාගෙන ඉන්නවා තීරණයක් ගන්නේ නැතුව. වෛද්‍යවරුන්ට බලපෑම් කරනවා බන්ධනාගාර ඉහළ නිලධාරින් ඒ තීරණය වෙනස් කරන්න කියලා. න්මුත් වෛද්‍යවරුන් එම තීරණය වෙනස් කරන්නේ නැහැ. වෛද්‍යවරුන්ගේ නිර්දේශ නොසලකා හැරලා තමයි බන්ධනාගාර බලධාරීන් කොමදෝරු දසනායකව මේ ජාතික රෝහලට එවන්නේ.”

“එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලයේ සුද්දෙක් ඇවිල්ල ඉන්නවා ලංකාවට. ඒ සුද්දා ලංකාවට ඇවිත් ඉන්න කොට පත්තර වල තියෙන්න ඕන යුධ අපරාධ කරපු අයව අත්තඩංගුවට ගන්නවා කියලා තියන ප්‍රවෘත්ති අන්න ඒ ප්‍රවෘත්ති හදලා දෙන්න තමයි කොමදෝරු දසනායකව මෙ විදියට නීති විරෝධීව අත්තඩංගුවට අරගෙන තියෙන්නේ. ඉතා තුච්ඡ පහත් පෙළේ ක්‍රියාවක් තමයි අද වෙනකොට රට බේර ගත්ත රණවිරුවන්ට අද විදින්න සිද්ධ වෙලා තියෙන්නේ.”

” මේ කරන්නේ දඩයමක්. මේරට බේරගත්ත රණවිරුවන්ගෙන් පලිගැනීමක්. ජාත්‍යන්තර බලවතුන් සතුටු කරන්න ඒ අයගේ මනදොළ පිනවන්න ගන්න පියවරක්. සුද්දා සතුටු කරන්න, සුද්දා පිටිපස්සේ ඉන්න ඩයස්පෝරා එක සතුටු කරන්න මේ දෙවල් කරන්නේ. ප්‍රගතිය ගැන සෑහිමකට පත් වෙන්නේ නෑ කියන්නේ තව ගනිල්ලා මුළු හමුදාවම බිල්ලට දී පල්ලා.එතකොට මානවහිමිකම් ක්‍රියාකාරිත්වය පිළිබදව ඒ ගොල්ලෝ සැහීමකට පත් වෙයි. සුද්දෝ සතුටු කරන්න හමුදාවක් දඩයක් කරන ආණ්ඩුවක් මෙහෙම ආණ්ඩු රටකට මොකටද? “

Wimal Weerawansa

Check Also

පොලිස්‌පති නීතිය තාම නවනවා…..නීතිපතිවරයා අරලියගහ මන්දිරයට ගෙන්වලා ඇමැතිවරු මන්ත්‍රීවරු උපදෙස් දෙනවා… මේක “මූසල දෙවසර” ක්

පොලිස්‌පතිවරයා පොලිසියේ අහිංසක නිලධාරීන්ට කනට ගහන තත්ත්වයට පත්වෙලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ පවසයි.ආණ්‌ඩුවට ...