Home / Featured / එජාප තනී ආණ්ඩුවක් හදන එක සිම්පල් -පනින්න හදන ශ්‍රිලනිප මන්ත්‍රී අල්ලන්න චන්ද්‍රිකාගෙන් මෙහෙයුමක්

එජාප තනී ආණ්ඩුවක් හදන එක සිම්පල් -පනින්න හදන ශ්‍රිලනිප මන්ත්‍රී අල්ලන්න චන්ද්‍රිකාගෙන් මෙහෙයුමක්

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වි එක්සත් ජාතික පක්ෂ තනී ආණ්ඩුවක් සැදිම සිම්පල් බව  එක්සත් ජාතික පක්ෂ මහ ‍ලේකම් කබිර් හෂීම් පවසයි.පසුගිය 14 වෙනිදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මධ්‍යම කාරක සභාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

“සමහර අය කියනවා ඒ අය ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අය ඒ අය ගිහිල්ලා අනිත් පැත්තේ වාඩි වෙනවා කියලා. ඔය වගේ මිනිස්සු ඉන්නවා. තමන්ගෙ පෞද්ගලික වාසියට ඇවිල්ලා එක එක පුටුවල වාඩි වන අද මෙහේ වාඩි වෙයි. හෙට එහේ වාඩි වෙයි.ඔය වගේ අයට අන්තිමට වාඩි වෙන්න එක පැත්තක පුටුවක් වත් නැති වෙයි. සමහර අය කියනවා අපිට යු එන් පී ආණ්ඩුවක්ම හදාගෙන යන්න කියලා. ඒක සිම්පල්. මහ ලේකම්වරයා විදියට මට හෙට කිව්වා නම් මම හෙටම කරනවා වැඩේ. ඒත් අපි පොඩ්ඩක් ඉවසමු.”

මේ අතර ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ කොටස් යහපාලන රජයෙන් ඉවත් වීම නතර කිරිම සදහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මෙහෙයුමක් දියත් කර තිබේන බව ශ්‍රීලනීප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

මේ අනුව ඉකුත් සතියේ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය රජයෙන් ඉවත් වීමට සූදානම්ව සිටින මන්ත්‍රී කණ්ඩායම සමග විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර ඒ අනුව ඉදිරියේදි පියවර රැසක් ගැනිමට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කිරිමටද නියමිතයි.

Kabir Hashim

 

Check Also

ශ්‍රේෂ්ඨාධිකරණය හූරලා අයින් කරපු ලොතරැයියක්….හපාලන ආණ්ඩුව නංගි පෙන්නලා මී ආච්චි දුන්නා…

ශ්‍රේෂ්ඨාධිකරණය හූරලා අයින් කරපු ලොතරැයියක් බවට පත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම ඊයේ (21) ...