Home / Featured / වැඩ කරනකොට ප්‍රශ්න, UNP අය කියන දේ අහන්නේ නෑ – යන්නේ 45 දෙනාම එක්කයි තනියම නෙමෙයි

වැඩ කරනකොට ප්‍රශ්න, UNP අය කියන දේ අහන්නේ නෑ – යන්නේ 45 දෙනාම එක්කයි තනියම නෙමෙයි

දැනට යහපාලන ආණ්ඩුවට සහය දෙන මැති ඇමතිවරු 15 දෙනෙකු පමණ ආණ්ඩුවේන් ඉවත් වී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමේ සුදානමක් ඇති බවට සාකච්ඡාවක් ජනාධිපතිවරයා ඉදිරියේදි පවා සිදු වූ බවත් ලබන දෙසැම්බර් 31 වෙනිදා දක්වා කිසිම මන්ත්‍රිවරයෙකු ආණ්ඩුවෙන් ඉවත් නොවන බවත් වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

අද (16) ගාල්ලේදි පැවති ශ්‍රීලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වන බවට පළව ඇති මාධ්‍ය වාර්තා පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.

“නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ස්වාධීන වීමේ සාකච්ඡාවක් ගියා. එම සාකච්ඡාව ජනාධිපතිතුමා ලඟත් ගියා. අපේ මැති ඇමතිවරු 15කට ආසන්න පිරිසක් රජයෙන් ඉවත් වෙලා අවුරුදු 2 සම්පූර්ණ වෙනකොට ස්වාධීන වෙන්න බලාපොරොත්තුව පළ කළා. මගේ නම් මතය මම නම් ස්වාධීන වෙන්නේ නැහැ යනවා නම් ගිහිල්ලා විපක්ෂයේ වාඩි වෙනවා. හැබැයි දෙසැම්බර් 31 වෙනකම් කිසිම තීන්දුවක් ගන්න සූදානම් නැහැ. ජනාධිපතිතුමා අපි කෙරෙහි තබපු විශ්වාසය කඩ කරන්නේ නැතුව දෙසැම්බර් 31 වෙනකම් ඉන්නවා. යනවා නම් යන්නේ 45 ඉන්න අපේ කණ්ඩායමෙන් කණ්ඩායමම මිසක් තනි තනියෙන් හෝ 10 දෙනා 15 දෙනා වගේ කණ්ඩායම් විදියට යන්නේ නෑ.”

“වැඩ කරන් යනකොටගැටළු තියනවා  ගොඩක් එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් ගන්න සමහර තීන්දු අපිට මේ ආණ්ඩුවේ ඉන්න අපහසු වෙන තීන්දු. අපේ මැති එමතිවරි කිසීම ගැටළුවක් මතු කර ගෙන නෑ. එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු කටයුතු කරන අමාත්‍යාංශ වල තමයි ගොඩක් ගැටළු තියෙන්නේ. ඒ අය කියන දේ අහන්නේ නැහැ. ඒ ගැටළු අපිට තියනවා. මොකද අපි එක්සත් ජාතික පක්ෂය එක්ක දීග කන්න නෙමෙයිනේ ආවේ. අපි යමක් කරන්න ආවේ ඒක කරන්න බැරි නම් යනවා. හැබයි අද හෙට ගිහිල්ලා වැඩක් නැහැ. යන්න ඕන තීරණයක් අරගෙන. ගිහිල්ලා තීරණ ගන්න බැහැ,”නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

Check Also

පොලිස්‌පති නීතිය තාම නවනවා…..නීතිපතිවරයා අරලියගහ මන්දිරයට ගෙන්වලා ඇමැතිවරු මන්ත්‍රීවරු උපදෙස් දෙනවා… මේක “මූසල දෙවසර” ක්

පොලිස්‌පතිවරයා පොලිසියේ අහිංසක නිලධාරීන්ට කනට ගහන තත්ත්වයට පත්වෙලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ පවසයි.ආණ්‌ඩුවට ...