Home / Featured / ජනාධිපති නයි නටවලා තියෙන්නේ දළ ගලවන්නේ නැතුව ඒකයි දැන් දෂ්ට කරන්නේ – ඒකාබද්ධ විපක්ෂයට ඕන ආණ්ඩුවවක් හදන්න නෙමෙයි විපක්ෂයක් හදන්නයි

ජනාධිපති නයි නටවලා තියෙන්නේ දළ ගලවන්නේ නැතුව ඒකයි දැන් දෂ්ට කරන්නේ – ඒකාබද්ධ විපක්ෂයට ඕන ආණ්ඩුවවක් හදන්න නෙමෙයි විපක්ෂයක් හදන්නයි

පාර්ලිමේන්තුවේ බහුතර බලය එක්සත් ජාතික පක්ෂය සතු වන බැවින් තනිවම හෝ ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂයට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි පවසයි.

බදුල්ලේ පැවති උත්සවයකට එක් වෙමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොටසක් විපක්ෂයේ අසුන් ගත්තද යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට හැකි බවයි.

“පාර්ලිමේන්තුවේ බහුතර බලයක් එක්සත් ජාතික පක්ෂයට තියනවා. අපිට තනිවම ආණ්ඩුව කිරීමේ හැකියාව අපි සතුව තියනවා. ජනාධිපතිතුමාට මට කියන්න තියන කාරණය තමයි එතුමා මෙච්චර කල් කළේ අහිකුන්ඨකයා නයා නටවන කොට ඒ නයාගේ දළ ගලවලා තියෙන්නේ. නමුත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළේ මේ නයින් ටික නටවලා තියෙන්නේ දළ ගලවන්නේ නැතුව. ඒ නිසා දැන් අද දෂ්ට කරන්න උත්සහ කරනවා. ඒ 18 ගියාට 40 ක් ප්‍රමාණයක් ඇමතිකම් අරගෙන ආණ්ඩු කරවන්න පුළුවන් ප්‍රමාණයක් අපි සතුව ඉන්නවා කියන එක අපි බය නැතුව කියනවා. මේ යහපාලන ආණ්ඩුව 2020 වෙනකම් ගෙනියනවා. ඒ වැඩ පිළිවෙළ කාටවත් නවත්වන්න බෑ. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඔහුව දිනවපු එක්සත් ජාතික පාක්ෂිකයින්ට දැන්වත් සැලකීමේ අයිතිය එතුමා තේරුම් ගන්න ඕන කියලා. එතුමා එක්ක අදටත්. හෙටටත් ඉන්නේ එතුමා දිනවපු කණ්ඩායම.  එතුමා පරාජය කරන්න උත්සහ කරපු පිරිස එතුමා ජයග්‍රහණය කළාට පස්සේ එතුමා එක්ක අත්වැල් බැදගත්තට. දැන් කොයි වෙලාවේ හරි දෂ්ට කරලා ගිහින් විපක්ෂයේ වාඩි වෙයි. ඒකාබද්ධ විපක්ෂයට ඕන ආණ්ඩුව හදන්න නෙමෙයි. ඔවුන්ට ඕන විපක්ෂයක් හදන්න. ඒගොල්ලන්ගේ ආණ්ඩු ගැනීමේ සිහිනය තියෙන්නේ තව අවුරුදු 15කින්. අපේ ජයග්‍රහණය අපි 2020දි පෙන්නලා. අපි අපේම ආණ්ඩුවක් හදනවා,” මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Check Also

මන්ත්‍රී රොෂාන් ඒකාබද්ධයෙන් ගියේ නෑ -ආණ්ඩුවේන් එළියට එන්න ඕන නම් හොදම දවස සැප්තැම්බර් 02

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බවට මාධ්‍ය තුළ පළ වු පුවත මුළුමනින්ම සාවද්‍ය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *