Home / Featured / ව්‍යාපාරිකයන් හට ලාබ උපයන්න ජනතා බදු මුදලින් රෝහල් නඩත්තු කිරීමේ උත්සහයක්-වෛද්‍ය උපාධි විකුණන සයිටම් අහෝසි කරනු!

ව්‍යාපාරිකයන් හට ලාබ උපයන්න ජනතා බදු මුදලින් රෝහල් නඩත්තු කිරීමේ උත්සහයක්-වෛද්‍ය උපාධි විකුණන සයිටම් අහෝසි කරනු!

ව්‍යාජ විසඳුම් පිළිගත නොහැකි බවත් සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි විකුණන ආයතන අහෝසි කිරීමෙන් තොර විසඳුමක් නැති බවත් ආණ්ඩුවට දැඩිව අවධාරණය කරන බව නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය aඅවධාරණයකර සිටි.

සයිටම් ගැටලූවට සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි විකුණන ආයතනය අහෝසි කිරීමෙන් තොර විසඳුමක් නැත.

සයිටම් ආයතනයට සම්බන්ධ රෝහල හෙට දින (17) රජයට පවරාගන්නා බව පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය මගින් ප‍්‍රචාරණය වූ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පළ කරන ලද දැන්වීම් හරහා දැනගන්නට ලැබී ඇත. මේ මේ පිළිබඳ නිශ්චිත ගිවිසුම ආණ්ඩුව තවම ප‍්‍රකාශයට පත්කර නැත. නමුත් මෙම රෝහල රජයට පවරා ගැනීම සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි විකුණන ආයතනය සම්බන්ධ ගැටලූවට විසදුමක් ලෙස ආණ්ඩුව හා සමහර වෘත්තීය සමිති ඇතුලූ පාර්ශ්වයන් කරුණු ඉදිරිපත් කරමින් ජනතාව නොමුඟ යැවීමට උත්සාහා කරන බව පෙනී යයි.

දින 500කට අධික කාලයක් අඛණ්ඩ ශිෂ්‍ය කි‍්‍රයාමාර්ග වල යෙදී සිටින වෛද්‍ය ශිෂ්‍යයන්, විවිධ විරෝධතා වල නියුතු වෛද්‍ය පීඨ ආචාර්යවරුන්, වෛද්‍යවරුන් හා වෛද්‍ය ශිෂ්‍ය දෙමාපියන් ඇතුලූ පොදු ජනතාව විසින් සයිටම් ගැටලූව සම්බන්ධව ඉල්ලූ විසඳුම මෙය නොවේ. ඔවුන්ගේ ඉල්ගීම වූයේ මුදලට වෛද්‍ය උපාධිය විකුණන සයිටමි ආයතනය අහෝසි කිරීමයි. එනම් රෝහල පමණක් පවරාගැනීම මෙම ගැටලූවට උත්තරය නොවන බව ආණ්ඩුව තේරුම්ගත යුතුය. මෙම ව්‍යාජ විසඳුම් වලින් සිදු වන්නේ ගැටලූව තවත් සංකීර්ණවී ජනතාව හා වෛද්‍ය ශිෂ්‍යයන් තව තවත් පීඩාවට පත් වීම පමණි. ව්‍යාපාරිකයන් හට ලාබ ඉපයීම සඳහා ජනතා බදු මුදලින් රෝහල් නඩත්තු කිරීමේ සාධාරණත්වය කුමක්ද යන්න ආණ්ඩුවෙන් ප‍්‍රශ්නකර සිටිමු.

වසර 08 පමණ කාලයක සිට අප සයිටමි ආයතනයට එරෙහිව අරගලයේ යෙදී සිටින්නේ එහිදී විකුනණු ලබන වෛද්‍ය උපාධියේ ගුණාත්මක භාවයේ ප‍්‍රශ්නයත් සමිබන්ධයෙන් පමණක් නොවේත මුදලට බොහෝ දේ කළ හැකි යුක්තියක් රහිත නීතියක් පවතින අප රටේ රෝහල රජයට පවරා ගත් පමණින් විකුනණු ලබන වෛද්‍ය උපාධියේ ගුණාත්මක භාවය සහතික වන්නේය යන තකතීරු තීරණය අපි පිළිනොගනිමු. යම් ශිෂ්‍යයෙකුගේ උපාධි පාඨමාලාව තීරණය වියත්යුත්තේ් ඔහුගේ හැකියාව හා දක්ෂතාවය මත විනා දෙමාපියන්ගේ ආර්ථික තත්වය මත නොවේ. එමෙන්ම රටක වෛද්‍ය වෘත්තිකයන් බිහිකළ යුත්තේ මහජනතාවගේ සෞඛ්‍ය උසස් තත්වයෙන් පවත්වා ගැනීමේ පරම චේතනාවෙන් විනා හුදෙක් මිල මුදල් ඇති දෙමාපියන්ගෙ, දේශපාලකයින්ගේ හෝ ව්‍යාපාරිකයන්ගේ පෞද්ගලීක අවශ්‍යතා ඉෂඨ කිරීමට නොවන බව අවධාරණය කරමු.

අධ්‍යාපනයේ සම අයිතියත්, සමාජ සාධාරණත්වයත්, මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයත් උල්ලංඝණය වන සයිටම් වෛද්‍ය උපාධි විකුණන ආයතනය කෙසේ හෝ පවත්වා ගැනීමේ ආණ්ඩුවේ දුෂ්ඨ උත්සාහය පැරදවීමට සියලූම පාර්ශ්ව එක්ව නිවැරදි දැක්මකින් යුක්තව අරගලයට පිවිසිය යුතු බව නැවත නැවතත් තහවුරු වෙමින් පවතී.

ව්‍යාජ විසඳුම් පිළිගත නොහැකි බවත් සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි විකුණන ආයතන අහෝසි කිරීමෙන් තොර විසඳුමක් නැති බවත් ආණ්ඩුවට දැඩිව අවධාරණය කර සිටිමු.

ස්තූතියි.

වෛද්‍ය ජයන්ත බණ්ඩාර
ප‍්‍රධාන ලේකම්
සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

South Asian Institute of Technology and Medicine

Check Also

පොලිස්‌පති නීතිය තාම නවනවා…..නීතිපතිවරයා අරලියගහ මන්දිරයට ගෙන්වලා ඇමැතිවරු මන්ත්‍රීවරු උපදෙස් දෙනවා… මේක “මූසල දෙවසර” ක්

පොලිස්‌පතිවරයා පොලිසියේ අහිංසක නිලධාරීන්ට කනට ගහන තත්ත්වයට පත්වෙලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ පවසයි.ආණ්‌ඩුවට ...