Home / Featured / මිනිමැරුමක් වෙලා තියනවා මිනිමරුවෝ නෑ…. හොරකම් වෙලා තියනවා හොරු නෑ පුදුම රටක් මේක…

මිනිමැරුමක් වෙලා තියනවා මිනිමරුවෝ නෑ…. හොරකම් වෙලා තියනවා හොරු නෑ පුදුම රටක් මේක…

යහපාලන ආණ්ඩුව ඇමතිකම් දී ඇත්තේ  කොමිස් ගහන්න මිසක් රට හදන්න නොවන බව  ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

රත්නපුරයේදි පැවති ජන රැලියක් අමතමින් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියා…

“හොරකම් නවත්තන්න ආපු අය පටන් ගත්තෙම හොරකමකින්, මහ බැංකුවේ බැඳුම්කර හොරකම. ආණ්ඩුව ආවේ හොරු අල්ලන්න කියලා වුණේ මොකද්ද හොරු අල්ලගත්තා ආණ්ඩුව. දැන් පරණ හොරුයි අලුත් හොරුයි එකතු වෙලා දැන් යසට හොරකම් කරගෙන යනවා. ලංකාවේ ඇමති මණ්ඩලයේ විෂයන් බෙදලා තියෙන්නේ කොහොමද? හැම ඇමතිකමකටම මුදල් උපයන්න පුළුවන් හම්බකරන්න පුළුවන් කෑල්ලක් එකතු කරලා තියනවා. මම උදාහරණයක් ගන්නම් මේක තේරුම් කරන්න. ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයාගේ අමාත්‍යාංශයේ නම මොකද්ද උසස් අධ්‍යාපන හා මහාමාර්ග. උසස් අධ්‍යාපනය හා මහාමාර්ග කොහොමද එකට තියෙන්නේ. හැබැයි උසස් අධ්‍යාපනය කියන්නේ සල්ලි නෙමෙයි. හැබැයි මහමාර්ග කියන්නේ මොකක්ද හම්බ කරන්න පුළුවන් තැන එතනයි. පාර හදනවා කොමිස්, කාපට් දානවා කොමිස්. ඒනිසා කිරිඇල්ල මහත්තයායට නිකම් ඇමතිකමකුයි, හම්බකරන ඇමතිකමකුයි ගැට ගහලා දුන්නා. හැම තැනම එහෙමයි. මුදල් ඇමතිකම දුන්නා රවි කරුණානායක මහත්තයාට. එතුමා එතැනට හරි නැහැ වංචා දූෂණ වෙනවා කියලා එතුමා මාරු කරලා දුන්නා විදේශ කටයුතු. සතියකට පස්සේ මෙන්න මුදල් අමාත්‍යාංශයේ තිබිච්ච ලොතරැයි මණ්ඩල දෙක ගලවලා ගැට ගහනවා විදේශ කටයුතු අමාත්‍යාංශයයට. මොකටද දුන්නේ. විදේශ අමාත්‍යාංශය තියාගෙන ලොතරැයි මණ්ඩල දෙක මගින් හම්බකරගන්න. ඇයි ඒ ලොතරැයි මණ්ඩල දෙකෙන් කොමිස් ගන්න පුළුවන් ගොඩක්. එනිසා ඇමතිකම් දීලා තියෙන්නේ කොමිස් ගහන්න මිසක් රට හදන්න නෙමෙයි.”

“අපරාධකාරයන්ට දඩුවම් කරන්නේ නෑ. තාජුඩීන් ඝාතනයේ තොරතුරු සඟවා ගත්තා කියලා අනුර සේනානායක මහත්තයා ගත්තා අත්තඩංගුවට. රිමාන්ඩ් එකේ ඉන්න කාලයේ සේනානායක මහත්තයා ඇහුවා පුදුම වැඩක් නේ මේක තොරතුරු වසන් කළා කියලා මම ඇතුලේ ඉන්නවා ඝාතකයෝ එලියේ. ඊට පස්සේ මොකද කළේ අනුර සේනානායක මහත්තයත් ඇප දීලා දැම්මා එලියට. මිනිමැරුමක් වෙලා තියනවා මිනිමරුවෝ නෑ. හොරකම් වෙලා තියනවා හොරු නෑ පුදුම රටක් මේක.”

Tilvin Silva

Check Also

දේශප්‍රේමීත්වය දේශපාලන තක්කඩියාගේ අවසාන තිප්පොළයි…

සිල් රෙදි නඩුවේ දඩ මුදල් ගෙවන්න ඕනෑ මහජනතාව නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව අමාත්‍ය ...