Home / Featured / චොදනා බොරු…. සරසවි සිසුන් වහාම නිදහස් කරනු!- දෙමාපියෝ සාක්‍ෂි රැගෙන ජිනීවා යන්න සුදානම්

චොදනා බොරු…. සරසවි සිසුන් වහාම නිදහස් කරනු!- දෙමාපියෝ සාක්‍ෂි රැගෙන ජිනීවා යන්න සුදානම්

රිමාන්ඩ් භාරයට පත්කර සිටින විශ්වවිද්‍යාල සිසුන් වහා නිදොස්‌ කර නිදහස්‌ නොකළොත් ඊට එරෙහි සියලු සාක්‍ෂි රැගෙන ජිනීවාහි අන්තර් ජාතික මානව හිමිකම් කොමිසම වෙත යාමට කටයුතු කරන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය කමිටුව අවධාරණය කරනවා.

පසුගිය ජුනී (21) දා සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියට ඇතුළුවී පොදු දේපළවලට හානි කළේ යෑයි කියමින් සිසුන් අත් අඩංගුවට ගත් අතර එම සිසුන් නිදහස් කිරිමට් රජය වහාම කටයුතු කලයුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය සහ වෛද්‍ය පීඨ හිටපු ක්‍රියාකාරි කමිටුව සමග ඊයේ (16) පැවැත්වු ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ලේකම් නීතිඥ ගාමිණී ඒකනායක අවධාරණය කර තිබේ.

ශිෂ්‍යයින් අත්අඩංගුවට ගැනීම, ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර සිරගත කිරීම, සරසවි සිසුන්ට අමානුෂික ලෙස පහරදීම, ඇතුළු ශිෂ්‍ය මර්දන ක්‍රියාවන් සඳහා රජය උපරිමයෙන් මැදිහත්ව සිටින බවත්

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනය වහා අහෝසි කරන ලෙස හෝ ජනසතු කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය පීඨවල ඉගෙන ගන්නා හත්දහසකට ආසන්න ශිෂ්‍ය පිරිසක්‌ සිය අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සාධාරණය හා යුක්‌තිය ඉල්ලා මේ අවස්‌ථාවේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බවද අනෙකුත් සරසවි සිසුන්ද ඔවුන් සමග එක්‌ව ඇති බවද නීතිඥ ගාමිණී ඒකනායක පෙන්වා දුන්නා.

University students protest against Health Ministry

Check Also

දේශප්‍රේමීත්වය දේශපාලන තක්කඩියාගේ අවසාන තිප්පොළයි…

සිල් රෙදි නඩුවේ දඩ මුදල් ගෙවන්න ඕනෑ මහජනතාව නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව අමාත්‍ය ...