Home / Featured / ආණ්ඩුව පෙරළන්න කාටවත් බෑ ….ආණ්ඩුව පෙරළන්න හදන්නේ වැඩබැරි ටික දෙනෙක්-ආයෝජකයන් නතර කරන්න පරාජිත දේශපාලන කුමන්ත්‍රණයක්

ආණ්ඩුව පෙරළන්න කාටවත් බෑ ….ආණ්ඩුව පෙරළන්න හදන්නේ වැඩබැරි ටික දෙනෙක්-ආයෝජකයන් නතර කරන්න පරාජිත දේශපාලන කුමන්ත්‍රණයක්

ආයෝජකයන් මෙරටට පැමිණීම නතර කිරීමේ කුමන්ත්‍රණයක පරාජිත දේශපාලන කණ්ඩායම් නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ පවසයි.ඊයේ (16) සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ ස්‌වාධීන වෙන්න යන බවට අසත්‍ය පතුරවන්නේ උද්ඝෝෂණ සටන් පාඨ, පාගමන් ගොස්‌ රජය පෙරළන්න බැරිවූ කිහිප දෙනකු බවයි.

ආණ්ඩුව පෙරළිමට උත්සහ කරන අය කුමන අභියෝග කළත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආරක්‍ෂා කරගෙන රජය ඉදිරියට ගෙන යැමට මන්ත්‍රීවරුන් කටයුතු කරන බවද මන්ත්‍රීවරයා අවධාරණය කළා.

“මේ යහපාලන ආණ්‌ඩුව පසුගිය රජය ගෙන තිබූ ණය කන්දරාව ගෙවාගෙන සාර්ථකව රට ඉදිරියට ගෙන යැමට වැඩපිළිවෙළක්‌ සකස්‌ කර තිබෙනවා. එය ක්‍රියාත්මක වීමේදී දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් රැසක්‌ රටට පැමිණීමට නියමිතයි.මේ ගැන දන්නා ඒකාබද්ධ විපක්‍ෂයේ කිහිප දෙනකු මෙම ආයෝජන නවත්වන්න රට අස්‌ථාවරයි, රජය අස්‌ථාවරයි කියන අසත්‍ය මත පතුරවනවා. අපි මේවාට බයේ වැඩ කරන්නේ නැහැ. මොන අභියෝග ආවත් මේ ආණ්‌ඩුව ඉදිරියටම ගෙනියනවා කියන එක මම කියනවා. ඒ සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහායත් රජයට ලැබෙනවා.”

Bandula Lal Bandarigoda

Check Also

දේශප්‍රේමීත්වය දේශපාලන තක්කඩියාගේ අවසාන තිප්පොළයි…

සිල් රෙදි නඩුවේ දඩ මුදල් ගෙවන්න ඕනෑ මහජනතාව නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව අමාත්‍ය ...