ඩී. කේ. පී දසනායකට එරෙහිව ප්‍රබල සාක්ෂී ..-මුදල් බලෙන් ගන්න 11 දෙනෙකු අතුරුදන් කරලා

0

පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී. කේ. පී දසනායක ඇතුළු සැකකරුවන් අත්තඩංගුවට ගනු ලැබුවේ පූර්ණ පරීක්ෂණයකින් අනතුරුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා අවධාරණය කරයි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කරයි.

“දින කිහිපයකට උඩදි අත්තඩංගුවට පත් වුණා ඩී. කේ. පී දසනායක  ඔහු එවකට මෙහෙයුම් අධ්‍යක්ෂකව සිටියදි නාවික හමුදාවෙ බුද්ධි අංශයට අමතරව ඔහු යටතේ තවත් කණ්ඩායම් දෙකක් තිබුණා. එම කණ්ඩායම් දෙකින් එකක් බාරව හිටියේ ලෙෆ්ටිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි අනිත් කණ්ඩායම බාරව හිටියේ ලෙෆ්ටිනන් කමාන්ඩර් රණසිංහ. මේ කොමදෝරු දසනායකයකට එරෙහිව පැහැදිළි සාක්ෂි ඉදිරිපත් වෙලා තියනවා. දුරකතන විශ්ලේෂණ ඒවගේම මේ අතුරුදහන් වූවන්ගේ දෙමාපියන් ඇවිල්ලා හම්බවෙලා තියනවා කොමදෝරු දසනායකව ඒ ප්‍රකාශත් පැහැදිළි ව  තියනවා.  වගකීමෙන් කියන්න පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරපු මේ විමර්ශන වලදි පැහැදිලිව කියන්න පුළුවන් මේ අතුරුදහන් වූ පුද්ගලයින්ව පැහැරගෙන ගිහිල්ලා මෙලෙස අතුරුදහන් කරලා තියෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි මුදල් බලෙන් ලබා ගැනීම සඳහායි. මේ 11 දෙනා කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ පුද්ගලයන් නෙමෙයි.”

“මේ වන විට මේ සිද්ධිය සම්බන්ධයෙන් හත්දෙනෙක් අත්තඩංගුවට අරගෙන තියනවා. ඒ සියලු දෙනාම නාවික හමුදාවේ අයවලුන්. පැහැදිලි විමර්ශනයක් කරලායි අත්තඩංගුවට ගත්තේ. අපි යුක්තිය ඉදිරියට ඉදිරිපත් කරලා තියනවා. ඔවුන්ගේ නිදහසට කරුණු නඩු වලදි කියන්න පුළුවන්.”

DKP dassanayake