Home / Featured / බුදුහාමුදුරුවන්ගේ තාත්තා වගේ ඉදලා දේවදත්ත සංදර්ශන දානවා ..-රනිල් වික‍්‍රමසිංහ රාජපක්ෂවරුන් ආරක්ෂා කරනවා

බුදුහාමුදුරුවන්ගේ තාත්තා වගේ ඉදලා දේවදත්ත සංදර්ශන දානවා ..-රනිල් වික‍්‍රමසිංහ රාජපක්ෂවරුන් ආරක්ෂා කරනවා

බුදුහාමුදුරුවන්ගේ තාත්තා වගේ පෙනී සිටින සමහර හාමුදුරුවරු දැන් දේවදත්ත විලාසයෙන් විශාල සංදර්ශන දානවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක පවසයි. බළංගොඩ මැතිවරණ කොට්ඨාසයේ ජවිපෙ ජනහමු කිහිපයක් අමතමින් මනත්‍රීවරයා සදහන් කළේ රුපියල් දහසක බඩු ගත්තාම රුපියල් හාරසිය හතළිහක් බදු වශයෙන් ගෙවන්න සිදු වී ඇති බවයි.

‘‘බුදුහාමුදුරුවන්ගේ තාත්තා වගේ පෙනී සිටින සමහර හාමුදුරුවරු දැන් දේවදත්ත විලාසයෙන් විශාල සංදර්ශන දානවා. බෞද්ධ ජනතාව තුළ සැකයක් තියෙනවා සිංහල බෞද්ධයන්ට අසාධාරණයක් වෙයි කියලා. නමුත් අද වෙනතුරු දමිළ, මුස්ලිම් කිසිදු ආගමික කණ්ඩායමක් බෞද්ධ සිද්ධස්ථානයක් විනාශ කර නැහැ. සිංහල බෞද්ධයන් තමයි බුදු හාමුදුරුවන්ගේ පපු හාරමින් ඔළු හාරමින් නිදන් ගන්නේ. මුස්ලිම්, දෙමළ ජනතාව කිසිම වෙලාවක එවැනි කටයුත්තක් කර නැහැ. මේ ජාතිය අවුස්සන්න කරන වැඩ.’’

“ගෝඨාභය රාජපක්ෂ මහතා මහා නායක ස්වාමීන් වහන්සේලා බැහැ දකින්න යන ආකාරය මම දැක්කා. මහා නායක ස්වාමීන් වහන්සේ නමක් ඔහුට ලූනු ඇඹුල් ඇතිව කියා දෙන ආකාරයත් මම දැක්කා. ඉස්සර නම් සොරකම් කරපු අය දැක්කේ කොහොමද? ගමේ කතාවක් තියෙනවා පුහුල් හොරා කරෙන් දැනේ කියලා. දැන් ඒ කියමන වෙනස් වෙලා වැඩිපුර පන්සල් යන අය තමයි හොරු කියලා අපට පෙනෙන්නේ”

“එල්. ටී. ටී. සංවිධානය විදිහට මෝටර් සයිකල් පෙළපාළි යනවා කියලා ඇතමුන් කියනවා. රාජපක්ෂ මහත්වරුන්ට හිතවත් අය ෆේස් බුක් හරහා තමයි ජනතාව අතරට මේවා ගෙනයන්නේ. මේ පොටෝ අපි ලොකු කර බැලූවා. ඒ මෝටර්සයිකල් අංක මොනවාද කියලා. ඒවායේ තියෙන්නේ ටී.එන්. කියන ඉංග‍්‍රීසි අකුරු. මේවා තමිල්නාඩු ප‍්‍රාන්තයේ අකුරු. එල්. ටී. ටී. ඊ. නමින් මෑත භාගේ යාපනේ පෝස්ටර් ගැසුවා. අපි ඒ පෝස්ටරුත් ලොකු කර යට තිබෙන දුරකතන අංක ගැන සොයා බැලූවා. එහි තිබෙන්නේ 0091 ඉන්දියාවේ දුරකතන අංක. මෙවැනි දේවල් කර ජාතිවාදය අවුස්සන්න එපා.”

“දුෂණ මර්දන ලේකම් කාර්යාලය පසුගිය 11 වැනිදා දින සිට වසා දමා ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ වගේම 11 වැනිදා කැබිනට් මණ්ඩලය තීන්දු කළා ෂණ මර්දන ලේකම් කාර්යාලය සදහටම වසා දමන්න. රනිල් වික‍්‍රමසිංහ රාජපක්ෂවරුන් ආරක්ෂා කරනවා. මෛත‍්‍රීපාල සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරු ආරක්ෂා කරනවා. බැසිල් රාජපක්ෂට බොහෝ චෝදනා තියෙනවා. ඒ වුණාට ඔහු එක තත්පරයක් හිරේ හිටියාද? දෙන්නට දෙන්නා හොරු ආරක්ෂා කරනවා.”

Bimal Rathnayake

Check Also

මල්ටි බැරල්, රොකට් උණ්ඩ නෑ, රට බෙදුම්වාදයට යනවා……. ඥාණසාර හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

වෙඩි උණ්ඩ නොමැතිව, මල්ටි බැරල් රොකට් උණ්ඩ නොමැතිව ලියවිලි වලින් පමණක් රට බෙදුම්වාදය කරා ගෙන ...