Home / Featured / උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය ආගමික සිද්ධස්ථානත් බිලීගනි -ප්‍රමුඛ විහාරස්ථාන 13ක්,මුස්ලිම් දේවස්ථානයක් විනාශය ආසනන්නයේ

උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය ආගමික සිද්ධස්ථානත් බිලීගනි -ප්‍රමුඛ විහාරස්ථාන 13ක්,මුස්ලිම් දේවස්ථානයක් විනාශය ආසනන්නයේ

උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය නිසා බණ්ඩාරවෙල, ඇල්ල හා වැලිමඩ යන ප්‍රදේශයන්හි පුරාවිද්‍යා ස්මාරක හා අගමික ස්ථාන 23කට මේ වන විට හානි සිදුව ඇති බවත් බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි කිසිදු ආයතනයක් මේ දක්වා මෙම විනාශය අවම කර ගැනීම සඳහා හෝ අවධානය යොමුකොට නැති බවත් කැෆේ සංවිධානය චෝදනා කර සිටිනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් උමා ඔය සම්බන්ධයෙන් 2010 නොවැම්බර් මස සිදුකළ පරිසර ඇගයීම් වාර්තාවේ පුරාවිද්‍යාව හා අගමික ස්ථාන සම්බන්ධයෙන් සිදුකළ නිරීක්‍ෂණ සියල්ල මේ වන විට ප්‍රලාප බවට පත් වී ඇති අතර බණ්ඩාරවෙල, වැලිමඩ, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ආගමික හා පුරාවිද්‍යා ස්ථාන 21ක් මේ වන විට පුපුරා යමින් විනාශයට පත්වෙමින් තිබෙන බවත් උමා ඔය පරිසර වාර්තාව සකස් කළ වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රශාන්ත බන්දුල මණ්ඩාවල මහතා ඉහළ ඌවේ සංස්කෘතික විනාශය වසන් කිරීමට උත්සාහ දරන බවත් ය.

පසුගිය දින කිහිපයක සිට අස්ගිරි විහාර පාර්ශ්වයට අයත් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරයේ (මහ පන්සල) බුදු පිළිමය, පිළිම ගෙය හා සිතුවම් ද පිපිරීම් හේතුවෙන් විනාශයට පත්වෙමින් ඇති අතර දෝව රජ මහා විහාරයේ බුදු පිළිම හා උමංද මෙම උවදුරට ලක්ව වළගම්බා ළිඳ හා දිය උල්පත් ද මේ වන විට සිඳී ගොස් ඇත. බණ්ඩාරවෙල-බදුල්ල මාර්ගය ද දෝව පන්සල ඉදිරිපිට ස්ථාන දෙකකින් පුපුරා ගොස් ඇති අතර එළැඹෙන ඊසාන දිග මෝසම් වැස්සෙන් දෝව ඓතිහාසික පන්සල හා පුරාවස්තු විනාශ වී යෑමේ දැඩි අවදානමක් පවතී.

වටගමුව විමලගිරි විහාරය, එගොඩගම සුමනාශ්‍රමය, කුරුදුගොල්ල විදර්ශනාරාමය, මකුල්ඇල්ල පුරාණ විහාරය, හීල්ඔය පුරාණ විහාරය, කිරිඔරුව ආනන්දාරාමය, බණ්ඩාරවෙල පිරිවෙන, බිඳුණුවැව පන්සල, ඇල්ලතොට ඇල්ල පන්සල, අම්පිටිය භික්‍ෂු ආරාමය, දික්කාපිටිය මැද පන්සල, දික්කාපිටිය පිරිවෙන, කුරුකුදේ පන්සල, දිගනතැන්න පන්සල, අස්ගිරි විහාරයට අයත් ඇත්තලපිටිය ඛෙත්තාරාමය, අමුණුදෝව රත්නායක මුදලින්දාරාමය, උළුගල රජ මහා විහාරය, දෝව පන්සල, බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමය ද එක් වූ විට බෞද්ධ විහාර 20ක් ද එක් මුස්ලිම් දේවස්ථානයක් ද විනාශයට පත්වෙමින් ඇති ආගමික ස්ථාන වෙති.

බුදු දහම ආරක්‍ෂා කිරීම, පෝෂණය කිරීම පිළිබඳව සංවාදයක් බිහිව ඇති පරිසරයක උඩරට අමරපුර නිකායට අයත් ප්‍රමුඛ විහාරස්ථාන 13ක් මේ වන විට පුපුරා ගොස් ඇති නමුත් ඉහළ ඌවේ විහාරස්ථාන විනාශවීම කිසිදු පාර්ශ්වයක අවධානයට යොමු නොවීම කනගාටුවට කරුණක් බව ද ඉහළ උෟව සංස්කෘතික හා පුරාවිද්‍යා උරුමයන් රැක ගැනීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය වහා යොමු විය යුතු බව එම නිවේදනය හරහා පෙන්වා දෙනව.

Uma Oya Hydropower Complex

Check Also

මල්ටි බැරල්, රොකට් උණ්ඩ නෑ, රට බෙදුම්වාදයට යනවා……. ඥාණසාර හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

වෙඩි උණ්ඩ නොමැතිව, මල්ටි බැරල් රොකට් උණ්ඩ නොමැතිව ලියවිලි වලින් පමණක් රට බෙදුම්වාදය කරා ගෙන ...