Home / Featured / සංහිඳියාව කියන්නේ සිංහල-බෞද්ධ අයිතිය පාගන විජ්ජුම්බරයක් නෙමෙයි- අමනෝඥ දේශපාලඥයෝ පන්සලට අත තියකොට ලේ රත් වෙනවා

සංහිඳියාව කියන්නේ සිංහල-බෞද්ධ අයිතිය පාගන විජ්ජුම්බරයක් නෙමෙයි- අමනෝඥ දේශපාලඥයෝ පන්සලට අත තියකොට ලේ රත් වෙනවා

සංහිදියාව රට තුළ ඇති විය යුතු නමුත් ඒ මුවාවෙන් රටේ බෞද්ධ ජනතාවගේ අයිතිය පාගා දැමීමට අයිතියක් නොමැති බව දකුණු පළාත් ආණ්ඩුකාර හේම කුමාර නානායක්කාර පවසයි.

ඊයේ (16) මහනුවර පිහිටි උත්සවයකදී ආණ්ඩුකාරවරයා පවසා සිටියේ අමනෝඥ දේශපාලඥයින් පන්සල්වල අයිතිය ගැන කතා කරනකොට, පිං කැටයේ ඇති මුදල් වල අයිතිය ගැන කතා කරනකොට ඇඟේ තිබෙන සිංහල බෞද්ධ ලේ කකියමින් රත් වන බවයි.

“ඓතිහාසිකව, පාරම්පරිකව රාජ රාජ මහාමාත්‍යවරුන් සිටි යුග වල සිට අද වන තෙක් මේ රටේ මහාසංඝරත්නය භාරයේ තිබෙන කිසි දෙයකට ඇඟිලක් දික් කරන්න කිසිකෙනෙකුට අයිතියක් නොමැති බවත් එවැනි පුහු ක්‍රියාවන් වල නිරත වීම නිසා මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ විරෝධයෙන් ඔවුන් දැවි අලුවී යාමට ඉඩ තිබෙන බව මම කල්තියාම දැනුවත් කිරීමක් කිරීමට සුදානම් වෙනවා. මම බයට සැකට කතාකරන කෙනෙක් නෙමෙයි. නිවැරැදිව සaජුව කතා කරන්න ගිහිල්ලා අට්ටාලයෙන් බිමට වැටිච්ච මිනිහෙක් දැන් ඉන්නේ පැදුරේ. පැදුරෙන් මට බිමට වැටෙන්න දෙයක් නෑ.”

“සිංහලයාට බෞද්ධයාට කුමන්ත්‍රණකාරි ලෙස ව්‍යවස්ථාවකින් හෝ වෙනත් ක්‍රියාමාර්ගයකින් හෝ අනතුරක් සිදු වීමට යනවා නම් ඊට එරෙහිව නැගි සිටීමට ජනතාවගේ ලොකු සූදානමක් තියනවා. සංහිඳියාව රට තුළ ඇති විය යුතුයි. හැබැයි ඒ සංහිදියාව කියන්නේ බෞද්ධයාගේ අයිතිය පගා ගෙන සමතලා කරගෙන සිදු කරනා විජ්ජුම්බරයක් නොවන බව අවධාරණයෙන් ප්‍රකාශ කරන්නට ඕන,” ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසා සිටියි. 

Check Also

පොලිස්‌පති නීතිය තාම නවනවා…..නීතිපතිවරයා අරලියගහ මන්දිරයට ගෙන්වලා ඇමැතිවරු මන්ත්‍රීවරු උපදෙස් දෙනවා… මේක “මූසල දෙවසර” ක්

පොලිස්‌පතිවරයා පොලිසියේ අහිංසක නිලධාරීන්ට කනට ගහන තත්ත්වයට පත්වෙලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ පවසයි.ආණ්‌ඩුවට ...