Home / Featured / මේ අයට රටක් කරන හැටි අවබෝධයක් නැහැ, නොහැකියාවෙන් පිස්සු නටනවා- වඳුරට කඩුව අහුවුනා වගේ ඔක්කොම කපාගෙන යනවා

මේ අයට රටක් කරන හැටි අවබෝධයක් නැහැ, නොහැකියාවෙන් පිස්සු නටනවා- වඳුරට කඩුව අහුවුනා වගේ ඔක්කොම කපාගෙන යනවා

යහපාලන ආණ්ඩුවෙන් මිනිසුන් බලාපොරොත්තු වූයේ කිරියෙන් පැණියෙන් ඉතිරෙන වෙනසක් වූවත් හැමතැනින්ම සිදුවන්නේ ජනතාව සූරාගෙන කෑමක් බවත් ගැටඹේ රාජෝවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල ස්වාමින්වහන්සේ පවසයි.

අද උදෑසන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන විසින් උන්වහන්සේ බැහැ දැකීමට ම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ දි විහාරාධිපති ස්වාමින්වහන්සේ මේ බව සඳහන් කරයි.

“පොරොන්දුවෙච්ච කිසිදෙයක් කළේ නැහැනේ. මිනිස්සු බලාපොරොත්තු වුණා මේ ආණ්ඩුව ගියාම කිරියෙන් පැණියෙන් ඉතිරෙයි කියලා. දැන් වෙනකොට හැම තැනින්ම හූරා ගෙන කනවානේ මිනිස්සුන්ව. අද පත්තරේ තියනවා මන්නේ පිහිය උගස් තියලා ළමයට බෙහෙත් ගන්න. මේ අයට සැළසුමක් නැහැනේ. රටක් කරන හැටි අවබෝධයක්නැහැ. ඒකයි මේ වෙලා තියෙන්නේ. ඒ නොහැකියාවෙන් මේ මිනිස්සු පිස්සු නටනවා. රට ප්‍රපාතයකට ඇදගෙන යන්නේ. ඔබතුමාලා ශක්තිමත් වෙන්න ඕන. ඔබතුමාලට නැහැනේ කිසිම බලයක්. වඳුරාට කඩුව අහුවුනා අගේ අරහෙන් ගහනවා. මෙහෙන් ගහනවා ඔක්කෝම කපා කොටාගෙන විනාශ කරන කරලා දානවා.” උන්වහන්සේ පවසයි.

Check Also

පොලිස්‌පති නීතිය තාම නවනවා…..නීතිපතිවරයා අරලියගහ මන්දිරයට ගෙන්වලා ඇමැතිවරු මන්ත්‍රීවරු උපදෙස් දෙනවා… මේක “මූසල දෙවසර” ක්

පොලිස්‌පතිවරයා පොලිසියේ අහිංසක නිලධාරීන්ට කනට ගහන තත්ත්වයට පත්වෙලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ පවසයි.ආණ්‌ඩුවට ...