Home / Featured / ජනවාරි, පෙබරවාරි….මැතිවරණයකට සුදානම් -පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

ජනවාරි, පෙබරවාරි….මැතිවරණයකට සුදානම් -පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

පළාත් පාලන මැතිවරණ පැවැත්වීම පිළිබඳ රජයේ කටයුතු මේ වන විට අවසන් කර තිබෙන අතර, අදාළ රෙගුලාසි සම්මත කර ගැනීම සඳහා එම පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද (17) කොළඹ පදනම් ආයතනයේ පැවති කසළ කළමනාකරණය සහ ඩෙංගු උවදුර මැඩලීම සඳහා පළත් පාලන ආයතනවල සැලසුම් සකස් කිරීමේ වැඩමුලුවට එක්වෙමින් ජනාධිපතිවරයා සදහන් කළේ ලබන ජනවාරි, පෙබරවාරි මාස වන විට පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරුන්, සභාපතිවරුන් හා මන්ත්‍රී මණ්ඩල පත් වනු ඇති බවයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රජය පැත්තෙන් ගතයුතු පියවර මේ වන විටත් ගෙන ඇතැයි කී ජනාධිපතිවරයා පළාත් පාලන සංශෝධන පනත පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ලබන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව ද ප්‍රකාශ කළා.

ආණ්ඩුව මැතිවරණ නො පවත්වන බවට දේශපාලන වශයෙන් සහ මාධ්‍ය තුළ විවිධ විවේචන එල්ල වුවද සිදුව ඇත්තේ ආණ්ඩුව මැතිවරණ නොපවැත්වීම නොව, පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීමට අදාළව මීට පෙර සකස් කළ පනතේ තිබූ අක‍්‍රමිකතාවය සහ අවිධිමත්භාවය හේතුවෙන් මැතිවරණ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වීම බව ද සිරිසේන ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

සිය ආයතනික බලතල සමග තම සේවය නිසි ලෙස ඉටුකිරීමට නගාරාධිපතිවරුන් සහ පළාත් ලේකම්වරු කැප විය යුතු බවත් ඇතැම් පළාත් පාලන ආයතන තවමත් මෙහෙයවන්නේ හිටපු සභාපතිවරු සහ නගරාධිපතිවරුන් විසින් බවත් එම ආයතන සතු වාහන ඇතුළු සම්පත් තවමත් ඔවුන්ගේ පෞද්ගලික සහ දේශපාලන කටයුතු සඳහා යොදා ගන්නා බවට තමන් වෙත තොරතුරු ලැබී තිබෙන බවත් ප‍්‍රකාශ කළේය.

පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ගේ තනතුරු හා සේවාවන් පිළිබඳ අදාළ සියලුදෙනාගේ අදහස් සහ යෝජනා ලබා ගනිමින් නිසි වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපය තුළ සකස් කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

Check Also

පොලිස්‌පති නීතිය තාම නවනවා…..නීතිපතිවරයා අරලියගහ මන්දිරයට ගෙන්වලා ඇමැතිවරු මන්ත්‍රීවරු උපදෙස් දෙනවා… මේක “මූසල දෙවසර” ක්

පොලිස්‌පතිවරයා පොලිසියේ අහිංසක නිලධාරීන්ට කනට ගහන තත්ත්වයට පත්වෙලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ පවසයි.ආණ්‌ඩුවට ...