Home / Featured / උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්…නෙවිල් මුදලාලි එක්ක ආණ්ඩුව් ඩිල් දාලා …අපේ කටේ පස් නෙවිල් ප්‍රනාන්දු කන්නේ සීනි…අයියෝ සල්ලි

උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්…නෙවිල් මුදලාලි එක්ක ආණ්ඩුව් ඩිල් දාලා …අපේ කටේ පස් නෙවිල් ප්‍රනාන්දු කන්නේ සීනි…අයියෝ සල්ලි

සයිටම් රෝහල මුදලාලිලා දෙන්නෙක්ගේ රෝහලක් බවට පත්ව ඇති බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ පවසයි.අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්  පුබුදු ජාගොඩ සදහන් කළේ…..

“දැන් සයිටම් එක ගත්තොත් ඒ කඩේ දිගටම ලාබයි. රෝහල දිගටම ලාබයි. අවුරුදු 10ක බදු ගිවිසුමක් තමයි ගහලා තියෙන්නේ. රජයට පවරා ගැනීමක් සිද්ධ වෙලා නෑ. ලංකා බැංකුවෙන් ගත් ණය මුදල සම්පූර්ණයෙන් ගෙවන තුරු ආයතනයේ අයිතිය තියෙන්නේ නෙවිල් ප්‍රනාන්දුට. මේක කෙරෙන කාලය ඇතුලේ මේ රෝහල පාලනය වෙන්නේ මණ්ඩලයකින්. ඒ මණ්ඩලයේ සභාපතිවරයා නෙවිල් ප්‍රනාන්දු. දැනටමත් ආණ්ඩුව කියලා තියනවා මේක ජයවර්ධනපුර රෝහල විදියට තමයි යන්නේ කියලා. ඒ කියන්නේ මේක අර්ධ රාජ්‍ය එකක්. රෝහල නෙවිල් ප්‍රනාන්දු මුදලාලි යටතේ තියන ගමන් රජය තව මුදලාලි කෙනෙක් වෙලා. දැන් මේක මුදලාලිලා දෙන්නෙක්ගේ රෝහලක්. මේක අර අන්දරේගේ කතාව වගේ අන්දරේ රජ ගෙදර ගිය වෙලාවේ සිනි එලලා තියන වෙලාවේ මොනවද කියලා ඇහුවම පස් කිව්වම උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියලා සිනි කෑවනේ. දැන් නෙවිල් ප්‍රනාන්දු එහෙම කරන්නේ නෙවිල් ප්‍රනාන්දු රජයට කියනවා දැන් උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියලා. හැබැයි අපේ කටේ පස් නෙවිල් ප්‍රනාන්දු කන්නේ සීනි.”

“ආණ්ඩුවේ සෞඛ්‍යයට ඉතාම හොදයි ජනතාවගේ මතයට හිස නමන්න. එහෙම හිස නමන්නේ නැතුව දිගටම මේ විදියට නම් කරන්න හිතාගෙන ඉන්නේ ඉතාම අනිටු ප්‍රතිඵල වලට ආණ්ඩුවට මුහුණ දෙන්න වෙයි.”

මේ අතර අද පැවැති මාධ්‍ය හමුවකදි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිලද ආණ්ඩුවේ වියදමින් සයිටම් රෝහල නඩත්තු කරන්නේ ඇයි? යනුවෙන් ප්‍රශ්ණ කර සිටියා.

වෛද්‍ය සංගමය, වෛද්‍ය සිසුන්, වෛද්‍ය සිසු දෙමව්පියන්, සයිටම් විරෝධි දේශපාලන බලවේග, මේ කවුරුවත් රෝහල රජයට පවරා ගන්න කියා ඉල්ලා සිටියේ නෑ. කවුරුත් ඉල්ලා සිටියේ සයිටම් ජනසතු කරන්න කියලා. සයිටම් සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල කියන්නේ එකක් නොව දෙකක්. නෙවිල් ප්‍රනාන්දු රෝහල කියන්නේ පෞද්ගලික රෝහලක්. සයිටම් කියන්නේ නීති විරෝධි වෛද්‍ය පීඨයක්.

නෙවිල් ප්‍රනාන්දු රෝහලට රෝගීන් එන්නේ නැති නිසා අයිතිකාරයින්ට දැවැන්ත අර්බූදයක් මතු වෙලා තිබුණේ. එක පැත්තකින් රෝගීන් නැති නිසා මේ දැවැන්ත රෝහල නඩත්තු කරන්න ආදායමක් නෑ. අනිත් පැත්තෙන් රෝහලට රෝගීන් නැති නිසාම සයිටම් වෛද්‍ය පීඨය කර ගෙන යන්න බැරි වෙලා. නෙවිල් ප්‍රනාන්දු කියන ව්‍යාපාරිකයා මුහුන දී සිටින මෙන්න මේ ප්‍රශ්න දෙක විසඳලා දීම තමයි මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ ඇත්ත අරමුණ. මෙතරම් දැවෙන ජාතික ප්‍රශ්න තිබෙන රටක ආණ්ඩුවේ ප්‍රමුඛතාව විය යුත්තේ නෙවිල් ප්‍රනාන්දුගේ පෞද්ගලික ප්‍රශ්න විසඳීම ද? එක් එක් අයගේ පෞද්ගලික ප්‍රශ්න විසඳීම පසෙක තබා ඩෙංගු කසළ ජීවන බර බදු බර වැනි ජනතාව දැවෙන ජාතික ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන මෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

saitm

 

Check Also

පොලිස්‌පති නීතිය තාම නවනවා…..නීතිපතිවරයා අරලියගහ මන්දිරයට ගෙන්වලා ඇමැතිවරු මන්ත්‍රීවරු උපදෙස් දෙනවා… මේක “මූසල දෙවසර” ක්

පොලිස්‌පතිවරයා පොලිසියේ අහිංසක නිලධාරීන්ට කනට ගහන තත්ත්වයට පත්වෙලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ පවසයි.ආණ්‌ඩුවට ...