Home / Featured / ලක්ෂ්මන්,එස් බි,රාජිත නැත්නම් අද සයිටම් නෑ …..සිසුන් 100ක් නෙමෙයි  500ක් දක්වා දියුණු කරනවා..

ලක්ෂ්මන්,එස් බි,රාජිත නැත්නම් අද සයිටම් නෑ …..සිසුන් 100ක් නෙමෙයි  500ක් දක්වා දියුණු කරනවා..

මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු අද (17) පෙරවරුවේ ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් එම රෝහලේදී සිදු කෙරිණි.

නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ හිමිකරු වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් ජනක සුගතදාස ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.

ඒ අනුව අගෝස්තු 01 දා සිට මෙම රෝහල රජයේ රෝහලක් ලෙස කි‍්‍රයාත්මක කෙරේ.

සයිටම් හිමිකරු නෙවිල් ප්‍රනාන්දු

“මම සයිටම් ආයතනය ආරම්භ කෙරුවේ මුදල් උපයා ගන්න නෙමෙයි. ඒක මම පටන් ගත්තේ ලකුණින් දෙකෙන් විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙච්ච ළමයින්ට. මේ කර්තව්‍යයේදි මට හුගක් උදව් කෙරුවා එස් බි දිසානායක මහත්තයා. එතුමයි රාජිත සේනාරත්න ඇමතිතුමයි මට අමතක කරන්න බෑ, හුගක් සයිටම් ආයතනයට උදව් කරලා තියනවා. ඒ දෙපල නැත්තම් ඒ වගේම ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා නැත්තම් මට මේක පටන් ගන්න හම්බවෙන්නේ නෑ. ඒවගේම මම අද විශාල දානයක් කරන්නේ, හුඟාක් දෙනෙක් ඇවිල්ලා මගෙන් අහනවා සර්, සර්ට දුක නැද්ද රෝහල දෙන්න කියලා. මෙච්ච්ර ලස්සන. මම කියන්නේ අපිට පුරුදුයි දන් දීලා. මේකත් විශාල දානයක් මට හරිම සන්තෝෂයි. අන්තිමට මට ඉල්ලන්න තියෙන්නේ මේක රජයේ යටතේදිත් ඉතාම පිරිසිදුවට ඒ ගොල්ලන්ගේ රෝහලක් වගේ පාවිච්චි කරන්න කියලයි”

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

“ඇත්ත වශයෙන්ම මේක පවරා ගැනීමක් නෙමෙයි මේක තෑග්ගක්. නෙවිල් ප්‍රනාන්දු මැතිතුමා තෑග්ගක් දෙනවා රජයට රජයෙන් සතයක්වත් බලාපොරොත්ටු වෙන්නේ නැතිව. ඒ වගේම මේ රෝහල සම්බන්ධයෙන් තියන ණය සතයක්වත් අඩු නැතුව ගෙවන්න නෙවිල් ප්‍රනාන්දු මහත්තයා අත්සන් කරා. මම කියන්න කැමතියි අපිව විවේචනය කරන අයට අපි වෛද්‍ය විද්‍යාල තුනක් රජය ඉදිරි අවුරුදු දෙක තුල පටන් ගන්නවා. ඒ වයඹ වෛද්‍ය පීඨය, රත්නපුර වෛද්‍ය පීඨය හා මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විදියටයි.”

අමාත්‍ය රාජිත සේනාරත්න

“දැන් මේ නිදහස් සෞඛ්‍ය ගත්තම රටේ නිදහස් සෞඛ්‍ය ගෙනියන්නත් මට කීදහක් වෛද්‍යවරු මදිද, හෙදියන් කී දාහක් මදිද එහෙනම් මේක කොහෙන් හරි හදලා අපිට දෙනවා නම් එතනින් නේද නිදහස් සෞඛ්‍ය මීටත් වඩා හොදට ගෙනියන්නේ. ලංකාවේ වෛද්‍යවරු ඉන්නේ ලක්ෂයට 65 යි. නමුත් හොඳ සෞඛ්‍ය සේවයක් ගොඩ නගන්නට නම් ලක්ෂයකට 200ක් ඕන. එහෙම නම් මෙවැනි වෛද්‍ය විද්‍යාල විශාල ගණනාවක් අපේ රටට ඕන. මේකේ ඉන්න කාර්යය මණ්ඩලයේ කිසි කෙනෙක්ගේ රස්සා නැති වෙන්නේ නෑ රජයට පැවරුවා කියලා. මේ ගමන අපි යනවා . මේ ගමන නවත්වන්න කාටවත් බෑ. මොන කෙනෙහිලිකම් කරත් මේකේ වෘත්තීය ප්‍රශ්න දැන් ඉවරයි. මේකේ තියෙන්නේ දැන් දේශපාලන ප්‍රශ්නයක්. මම නෙවිල් ප්‍රනාන්දු මහත්තයාට කියනවා තමුන්නාන්සේගේ සයිටම් පීඨය මේ විදියටම දියුණු කරලා මේ රටේ වෛද්‍ය පීඨවල ඉඩ නැති ශිෂ්‍යයින්ට මේ දොර ඇරලා මේකේ 100ක් නෙමෙයි  500ක් දක්වා ළමයි ඉන්න තත්ත්වයට දියුණු කරන්න ඕන සියළුම අහයෝගය අපි තමුන්නාසේට ලබා දෙනවා කියලා,”

 

Check Also

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් උතුරු නැගෙනහිරටත් ඕනෑ…., සම්බන්ධන් Greiffට කියයි

දෙමළ ජනතාවගේ ඉඩම් යනු ඔවුන්ගේ අවශ්‍යවයටත් වඩා ඔවුන්ගේ ජීවිතය හා බද්ධ වූ අතිශය සංවේදී කාරණාවක් ...