මෙහෙම ගියොත් මැතිවරණ කාර්යාලය කෞතුකාගාරයක් වෙනවා -මංගල ජිනීවා වලදී අපේ රට පාවා දුන්නා

0

වැඩිකල් යන්න කලින් මැතිවරණ කොමිෂන් කාර්යාලය කෞතුකාගාරයක් බවට පත්වනු ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.ඊයේ (17) බොරැල්ල ඇන්.ඇම්. පෙ රේරා කේන්ද්‍රයේ පැවැති ජනමාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ රෝහල රජයට පවරා ගැනීමෙන් සයිටම් ප්‍රශ්නය විසඳන්න බැරි බවයි.

“අගමැතිතුමා සාකච්ඡාවට පක්ෂවලට කැඳවීමක් කරලා තිබුණා. ඒකාබද්ධ විපක්ෂයේ කිසිවෙක් ඒ සඳහා සහභාගි වුණේ නැහැ. බොරුකාරයන්ගේ මනස්ගාතවල එකම අරමුණ මැතිවරණ කල් දැමීම. ඒ නිසයි අපි සහභාගි නොවුණේ. වැඩිකල් යන්න කලින් මැතිවරණ කොමිෂන් කාර්යාලය කෞතුකාගාරයක් වෙයි. ඕනෑම තක්කඩි පාලකයකුට රටේ ජනතාවගේ ඡන්ද අයිතිය උදුරාගෙන රටක් පාලනය කරගෙන යන්න ඉඩදීලා ජනතාව නිකම් බලාගෙන ඉඳියි කියලාද මේ මෝඩයෝ හිතන්නේ? මේකේ සීමාවක් තියෙනවා. හේතු කියමින් අවුරුදු දෙකක් ආවා. දැන් පළාත් පාලන ආයතන කඩා පාත්වෙලා නිසා ඇතිවුණ විපාකවලට මේ ආණ්ඩුව වගකිව යුතුයි. “

“මේ එන ඉවර්සන්වත්. පිංතුවත්, මානව හිමිකම් ගැන කතා කළාට ඡන්ද පැවැත්වීම ගැන වචනයක්වත් කියන්නේ නැහැ. ප්‍රධානම මානව හිමිකම් තමයි ඡන්ද බලය. එයිනුයි අනෙක් සියලුම අයිතිවාසිකම් ගලා එන්නේ. කෙසේ වෙතත් මේ ආණ්ඩුවට දැනෙන විදිහේ බලකිරීමක් කරන්න අවශ්‍යය. ඒක අපි කතාබහ කරගෙනයි අපි ප්‍රකාශ කරන්නේ. ඉදිරි කාලයේදී අපි ඒ සඳහා ජනමාධ්‍ය කැඳවලා සැලසුමත් සූදානමත් රට ඉදිරියේ තබනවා. රටපුරා ඒ සඳහා සූදානම් වීමක් කරනවා. ඒ කාලය තුළ මැතිවරණයට ආණ්ඩුව සූදානම් නැත්නම් ජනතාව මේ හිතුවක්කාරී ආණ්ඩු බලයට බලපෑම් කරන්න වෙයි.”

“විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ මංගල සමරවීර මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අපේ රට පාවා දුන්නා. එමෙන්ම අප රටේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සෙවීමට බෙන් එමර්සන් හා ගැටුම් නිරාකරණය පිළිබඳව සෙවීමට මොනිකා පිංතු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් අපේ රටට ආවා. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඔවුන්ට හොඳට පිළිතුරු දුන්නා. මේ මොහොතේදී අපි අමාත්‍යවරයා සමග හිටගන්නවා. ඒ නිසා විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය සම්බන්ධව මංගල සමරවීර මහතාගේ ප්‍රතිචාරය කුමක්ද කියා දැන ගැනීමට අපි කැමතියි.”

Vasudeva Nanayakkara