Home / Featured / යුද අපරාධ හොයන්න විදෙස් විනිසුරුවන් නෑ…දසනායක අත්අඩංගුවට ගැනිම පසුපස දේශපාලනයක් නෑ

යුද අපරාධ හොයන්න විදෙස් විනිසුරුවන් නෑ…දසනායක අත්අඩංගුවට ගැනිම පසුපස දේශපාලනයක් නෑ

යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විදෙස් විනිසුරුවන් ගෙනඒමට ආණ්ඩුව සූදානම් නැති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන පවසයි.ඊයේ (23)සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ මාතෘ භූමිය ආරක්ෂා කිරීම උදෙසා දිවි හිමියෙන් කටයුතු කරන වීරෝදාර රණවිරුන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් වත්මන් ආණ්ඩුවට නොමැති බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු දසනායක අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දිගු කලක සිට සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙන් බව පෙන්වාදුන් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ඒ සදහා කිසිඳු දේශපාලන මැදිහත්වීමක් නොමැති බවත් පවතින චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුවන බවයි.

2009 වසරේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් නාවික හමුදා නිලධාරියෙකු සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව දසනායක අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පෞද්ගලිකව තමා කනගාටුවන බවත් ය

පසුගිය කාලයේ දේශපාලන වශයෙන් පළිගැනීමට ලක්වූ ඇතැම් රණවිරුවන් යළි සේවට එක්කර ගැනීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන තිබෙන අතර එසේ පළිගැනීම්වලට ලක්ව රටහැර ගිය මහේෂ් සේනානායක මහතා අද යුද හමුදාපති වශයෙන් කටයුතු කරන බවද ඒකාබද්ධ විපක්ෂය රණවිරුවන්ට ආදරයක් නොමැති බවද රුවන් විජයවර්ධන සදන් කළා.

පසුගිය කාලයේ දී රණවිරුවන්ට එරෙහිව පළිගැනීම් සිදූවූ බවද එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත් බවද කී ඒ මහතා වැරැදි කර තිබෙනවා නම් ඒ සඳහා මැදිහත් විය නොහැකි බවද සුළු පිරිසකගේ වැරැදි හේතුවෙන් සමස්ත හමුදාවේ කීර්තිනාමයට හාකියක් කළ නොහැකි බවද පෙන්වා දුන්නා.

Ruwan Wijewardene

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...