Home / Featured / උතුරේ වැලි ජාවාරම්කාරුවෝ STF එකට චණ්ඩි පාට් දමයි….වැලි හොරු ගගේ පනි එක් අයෙකු මරුට

උතුරේ වැලි ජාවාරම්කාරුවෝ STF එකට චණ්ඩි පාට් දමයි….වැලි හොරු ගගේ පනි එක් අයෙකු මරුට

මඩකලපුව කරදියනාරු ප්‍රදේශයේ මන්ඩම්කුමාරවැලි කලපුවේ වැලි ගොඩ දමමින් සිටි ජාවරම්කරුවන්  අත්තඩංගුවට ගැනීමට ගිය පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් හා ජාවාරම්කරුවන් අතර ඊයේ එම කලපුව ආසන්නයේ උණුසුම් තත්ත්වයක් හට ගැනිමත් තත්ත්වය පාලනය කිරීමට පොලිසිය අහසට වෙඩිතබා තිබූ අතර කලපුවට පැන පලායාමට තැත්කළ එක් ජාවාරම්කරුවෙක් ජීවිතක්ෂයට පත් විමත් සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබේ.

මෙම  මන්ඩම්කුමාරවැලි කලපුවේ කලක සිට මේ ජාවරම්කරුවන් අනවසරයෙන් වැලි ගොඩ දමා ඇති අතර පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.ඒ අනුව ඊයේ දහවල් 12.30 පමණ එහි ගිය පොලිස් විශේෂ කාර්යය බලකායේ පිරිසක් අත්තඩංගුවට ගැනීමට උත්සහ දරා ඇති අතර තත්ත්වය පාලනය කිරීමට අහසට වෙඩි තබා ද ඇත.

පිරිස අතරින් බියට පත් දෙදෙනකු දියට පැන ඇති අතර දහනම හැවිරිදි තරුණයෙකු දියේ ගිලි මිය ගොස් තිබේ. එම සිදුවීමත් සමග ප්‍රකෝපයට පත් ප්‍රදේශවාසින් පොලිස් විශේෂ බලකා සෙබලෙක් තම ග්‍රහනයට ගෙන පැය කිහිපයක් රඳවා ගෙන ඇත.

අනතුරුව ඊයේ පස්වරුවේ කරදියනාර පොලිසිය පැමිණ ප්‍රදේශවාසින්ගේ ග්‍රහනයේ සිටි පොලිස් විශේෂ බලකා සෙබලා නිදහස් කර ගැනීමට කටයුතු කර අතර පසුව එම විශේෂ බලකා සාමාජිකයා මඩකලපුව රෝහලට ඇතුලත් කර ඇත.

පොලිසියට බියෙන් කලපුවට පැන්න අනිත් පුද්ගලයා බේරා ගැනීමට කටයුතු කර ඇති අතර ප්‍රදේශවාසින් ජාවාරම්කරුවන් හා එක්ව චෙන්කල් අඩි මන්සන්ධියේ පොලිසියට එරෙහිව විරෝධතාවක් ආරම්භකර ඇත. තමන්ට පොලිසිය ඉසින් වෙඩි තැබූ බවයි වැලි ගොඩ දමමින් සිටි පිරිස පවසන්නේ.

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...