Home / Featured / වැඩවර්ජනය දිගටම….ආරක්ෂක අංශ සිරුවෙන්…..-කොලොන්නාව ඛනිජ තෙල් පර්යන්තය නොසන්සුන්

වැඩවර්ජනය දිගටම….ආරක්ෂක අංශ සිරුවෙන්…..-කොලොන්නාව ඛනිජ තෙල් පර්යන්තය නොසන්සුන්

ඛණිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා අතර අද (25) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වු අතර ඒ අනුව තම ඉල්ලීම් ලැබෙනතුරු ඛනිජ තෙල් වර්ජනය අඛණ්ඩව ඉදිරිට ගෙනයන බවත් ඒකාබද්ධ වෘත්තීය සටනක් සඳහා සියළුම වෘත්තීය සමිතිවලට තමන් ආරාධනා කර සිටින බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල ඉල්ලා තිබේ.

මේ අතර සාකච්ඡාව අසාර්ථක වූ බැවින් වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව සිදු කරන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාරද සදහන් කර සිටියා.

වැඩවර්ජනය අතහැර ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට පැමිණෙන්නැයි අමාත්‍යංශ ලේකම්වරයා සහ ඛණිජතෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග යෝජනා කළ නමුත් ඛණිජ තෙල් වෘත්තිය සමිති නියෝජිතයින් එය එකහෙළාම ප්‍රතික්ෂේප කළ බවද ඔහු සදහන් කළා.

වැඩවර්ජනය නතර කළ හැක්කේ ජනාධිපතිවරයා ලබාදෙන විසඳුම පිළිගත හැකිනම් පමණක් යැයි එහිදි වෘත්තීය සමිති නායකයින් අමාත්‍යංශ ලේකම්වරයාට සහ සභාපතිවරයාට දැන්වූ බවද මාධ්‍ය ප්‍රකාශක වරයා සදහන් කර තිබේ.

චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීම, හම්බන්තොට වරායේ තෙල්ටැංකි සංකීර්ණයේ තෙල් පහසුකම් අංශය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීම මෙන්ම සපුගස්කන්ද පිරිපහදුව නවීකරණය කර යළි පිරිපහදු කටයුතු ආරම්භ කිරීම යන ඉල්ලීම් තුන මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අඛණ්ඩ වැඩ වර්ජනය දියත් කර තිබේ.

මේ අතර කොලොන්නාව ඛනිජ තෙල් පර්යන්තය නොසන්සුන්තාවක් හටගෙන තිබේ….

Check Also

ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ වහාම මහනායක හිමියන්ට දෙනවා

ව්‍යවස්ථාව පිළිබඳ අනු කමිටුව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල ව්‍යවස්ථාදායක සභාව සඳහා පමණක් බවත් එය සභාවේ ...