රෑට ගිහිල්ලා බැසිල්ගේ ගෙදර කෑම කාලා ඇවිල්ලා උදේට වෘත්තීය තින්දු ගන්නවා…රයන් කියන්නේ රෝහණ විජේවීර නෙමෙයිනේ

0

කොහෙ හරි තියේන වෘත්තීය සමිතියකට අවශ්‍ය විදියට රටවල් පාලනය කරන්න බෑනේ …හම්බන්තොට වරාය දෙනවාද කියන එක තින්දු කරන්න ඔනේ කැබිනට් එක..තෙල් ටැංකි විකුණනවාද කියලා තින්දු ගන්නේ තින්දු කරන්න ඔනේ කැබිනට් එක..එවා සාකච්ඡා කරන්න තමයි පාර්ලිමේන්තුව තියෙන්නේ…රෑට ගිහිල්ලා බැසිල් රාජපක්ෂලාගේ ගේදර කෑම කාලා ඇවිල්ලා උදේට ගන්න වෘත්තීය සමිති තින්දු වලට අපි එකග වෙන්නේ නෑ …… රාජිත සේනාරත්න කැබ්නට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව

මේ අතර පසුගියදා රජයට පවරාගත් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පරිපාලන සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පලකර සිටියා.

“මණ්ඩලයේ සභාපති ලෙසට අපි හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් පත් කළා. විධායක අධ්‍යක්ෂකවරයා විදියට දැම්මා අපේ වෛද්‍ය නිකෝ ජයසේකර. මම පත් කරන එක්කෙනා වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු අධ්‍යක්ෂක වෛද්‍ය සේවා. මුදල් අමාත්‍යාංශය මගින් එක්කෙනෙක් නම්කරන්නට ඕන. වරලත් ගණකාධිකාරි වශ්යෙන් පත්වෙනවා දිනේෂ් වීරක්කොඩි මහත්තයා. නීතිඥවරයා ලෙස පත් වෙන්නේ නීතිඥ සරත් ලියනගේ මහත්මයා. කළමනාකරණ විශේෂඥවරයා ලෙස පත් වෙනවා ආචාර්‍ය කපිල රණසිංහ. සෞඛ්‍ය ආර්ථික විශේෂඥ වශ්යෙන් විශේෂඥ වෛද්‍ය දිලිප් ද සිල්වා සිවිල් සමාජය නියෝජනය කරමින් මහාචාර්ය සරත් විජේසූරිය,”

“එක එක්කෙනාගේ තියන මෝඩ ප්‍රකාශ ගැන මට කරන්න දෙයක් නැහැ. මේ තින්දු ගන්නේ රජය GMOA එක නෙමෙයිනේ. රයන්ව අත්තඩංගුවට ගැනීමත් අනිත් අය අත්තඩංගුවට ගැනීමත් දෙකක් නේ. මේ සියළුම අත්තඩංගුවට ගැනීම් විදියට තියෙන්නේ අධිකරණ නියෝග. ඒ ආපු ක්‍රමය ඉතාමත් ම ඒක කාටවත් අනුමත් කරන්න බැහැ. රටේ පොලිසියක් තියනවා. Uniform තියනවා. ඒ අය කියන්නේ CIDයට පුළුවන්‍ ය කියලා සිවිල් යන්න. අනිත් එක මේ වගේ වෙලාවක මේ වගේ ලොකු රැස්වීමකට යන්න ඕන නෑ ඔය කට්ටියව අල්ලන්න. මොකද රෝහණ විජේවීර නෙමෙයිනේ රයන් කියන්නේ. ඔය වගේ වෛද්‍ය ශිෂ්‍යයෙක් අල්ලන්න ඔච්චර කට්ටියක් ඕනෙයි. අනිත් එක ඕන නම් එතැන ඉදලා යනකොට අල්ලතහැකි නේ,”

Rajitha Senaratne