Home / Featured / යහපාලන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි…-අර්ජුනගේ ඇමතිකම නැති වුන හැටි…

යහපාලන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි…-අර්ජුනගේ ඇමතිකම නැති වුන හැටි…

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ඇමැති රවි කරුණානායක මහතාගේ නම වෙනුවට තමාගේ හෝ රාජපක්ෂවරයකුගේ නමක් තිබුණේ නම් පරීක්ෂණ සිදු කරනුයේ සිරගත කිරීමෙන් පසුව බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසයි.ඊයේ (26) බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ බැඳුම්කර වංචාව පිළිබඳ ලැබී තිබෙන සාක්ෂි අනුව යහපාලන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවයි.

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ කටඋත්තර කිහිපයක් ජනාධිපති කොමිසම හමුවේ ඉදිරිපත් කරලා තිබෙනවා. මෙතැන රවි කරුණානායක ඇමැතිවරයාගේ නම නැතුව නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ නම තිබුණා නම් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම, පොලිස්පතිවරයා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කොහොම හැසිරෙයිද? එහෙම නම් මුලින්ම නාමල් රාජපක්ෂව හිරේ දාලා තමයි අනෙකුත් පරීක්ෂණ පටන් ගන්නේ. නමුත් අද ලියුම් යවලා කල් දමන තත්ත්වයක් තිබෙන්නේ. මේ මහ බැංකු බැඳුම්කරේ ගැන ජනතා විමුක්ති පෙරමුණ කතා කරන්නේ නැහැ. මේ වංචාව ගැන ආණ්ඩුව ගන්න තීරණය මොකක්ද? මේ සාක්ෂිත් එක්ක ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයි. මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.

දේශපාලනික වශයෙන් රටේ ව්‍යාකූලත්වයක් තිබෙනවා. හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීම සඳහා මේ ආණ්ඩුව දෙවැනි වතාවටත් උත්සාහ අරගෙන කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට යොමු කරලා අනුමැතිය අරන් තිබෙනවා. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා සහ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තු අනුමැතිය මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. දැන් කැබිනට් අනුමැතිය අරගෙන පාර්ලිමේන්තුවට දාලා සතියක් තුළ ගිවිසුම්ගත වෙන්න තමයි තීරණය කරලා තියෙන්නේ.

පසුගිය කාලයේ කැබිනට් මණ්ඩල සංශෝධනත් එක්ක අපිට යම්කිසි ඉඟියක් ලැබුණා. අපිත් එක්ක යම් යම් විරුද්ධ මත ප්‍රකාශ කළත් අර්ජුන රණතුංග ඇමැතිවරයාත් මෙම ගිවිසුමට එරෙහිව සිටියා. අවසානයේ සිදු වුණේ මෙම ගිවිසුම වැරැදියි කියපු අර්ජුන රණතුංග ඇමැතිවරයාව ඉවත් කරලා එදා තිබුණු ගිවිසුමට වඩා දරුණු ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට සැරසෙනවා.

හම්බන්තොට වරායේ තියෙනවා කර්මාන්ත පුරයට වෙන් කළ හෙක්ටයාර 1200ක්. අපේ ආණ්ඩුව කාලයේ මෙම හෙක්ටයාර 1200 මසකට ඩොලර් 50,000 ගාණේ තමයි බදු දෙන්න තීරණය කරලා තිබුණේ. මේවයේ ආදායම බැලුවොත් කර්මාන්තපුරයෙන් ඩොලර් බිලියන 9ක ආදායමක් අපේ ආණ්ඩුවට ලැබෙනවා. අලුතින් යහපාලන ආණ්ඩුව කියලා ඇවිල්ලා පාඩුයි කියපු වරාය දෙන්න හදන ගිවිසුම දිහා බැලුවහම වරාය අධිකාරියට වරායක් නැති වෙන එක විතරක් නෙවෙයි අවුරුදු 99ක් ඇතුළත විශාල පාඩුවක් සිදුවෙනවා.

මේ ආණ්ඩුව පාඩුව ගැනවත් ආදායම ගැනවත් කිසිම තක්සේරුවක් කරලා නැහැ. මේ කිසිම දෙයක් නැතුව අත්තනෝමතික ආකාරයට තමන්ගේ අවශ්‍යතාව සපුරාගන්න අවශ්‍ය පෞද්ගලීකරණය කිරීමේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ තමයි මේ අය ක්‍රියාත්මක කරන්නේ. මේ ගිවිසුම දෙන්න යන ආයතන දෙකේ ලංසුව කීයද කියලා අපි කිසිවෙක් දැනුවත් කරලා නැහැ. වරායේ කුණු අස් කරලා, නඩත්තු කරලා ඒ තියෙන වියදම් ඔක්කොම ආණ්ඩුවට, ලාභ ලබන ඒවා 15%යි තිබෙන්නේ. මේක හරියට වැස්සියක් අරගෙන ඒ වැස්සිගේ ඔළුව අප ලවා කන්න බොන්න දීලා නඩත්තු කරවාගෙන වැස්සිගේ පිටිපස්ස වෙන කෙනෙක්ට දෙනවා වගේ වැඩක්. එතකොට කිරි ටිකයි, ගොම ටිකයි, පොහොර ටිකයි ඔක්කොම ඒ මනුස්සයාට. මේ පෞද්ගලීකරණය කිරීමේ න්‍යාය ආණ්ඩුවේ වැඩ බැරිකම වහන්න ක්‍රියාත්මක කරනවා.

 

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...