Home / Featured / පොලීස් බාර ඇමති ඉන්නේ සූප්පුව කටේ ගහගෙන… හම්බන්තොට වරාය කියන්නේ ආණ්ඩුවේ භූමියක් නොවේ…පැට්ටා, මෙල්වින්,ගාමිණී යහපාලන මැර හමුදාව මෙන්න

පොලීස් බාර ඇමති ඉන්නේ සූප්පුව කටේ ගහගෙන… හම්බන්තොට වරාය කියන්නේ ආණ්ඩුවේ භූමියක් නොවේ…පැට්ටා, මෙල්වින්,ගාමිණී යහපාලන මැර හමුදාව මෙන්න

කළුපුල්වත්තේ බන්දු පැට්ටා, මෙල්වින්, සිංහපුර ගාමිණී, බණ්ඩාර නැමැති මැරයන් ගෙනැවිත් ඛණිජ තෙල් සේවකයන්ට පහර දුන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.ඊයේ (27) පාර්ලිමේන්තුවේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව සම්බන්ධයෙන් විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ පොලීසිය සහ මැර කණ්ඩායම් ඒකාබද්ධය මේ පහරදිම කල බවයි.

“ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කතාකරන කිසිවෙකු මේ පහරදීම අනුමත කරන්නේ නැහැ. කළුපුල්වත්තේ බන්දු පැට්ටා, මෙල්වින්, සිංහපුර ගාමිණී, බණ්ඩාර නැමැති මැරයන් ගෙනැවිත් ඛණිජ තෙල් සේවකයන්ට පහර දුන්නා. කඩු සහ පොලු ගෙනැවිත් මොවුන්ට බෙදා දුන්නා. මේක තමයි එදත් පැවැති ආණ්ඩුව දේශනා කළා. අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රජාතන්ත්‍රවාදයේ පියා හැටියට පෙනී ඉන්නවා. මේ පහරදීම ප්‍රජාතන්ත්‍රවාදය ද. මේ තත්ත්වය වර්ධනය වෙන්න ඉඩදිය යුතු නැහැ. මැර කන්ඩායමින් තොරව දේශපාලනය පවත්වාගෙන යන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. පොලීසිය සහ මැර කණ්ඩායම් ඒකාබද්ධය මේ නින්දිත ක්‍රියාව සිදුකළා. පොලීසිය බාර ඇමැතිවරයා හැමවිටම ඉන්නේ සූප්පුව කටේ ගහගෙනයි. සේවකයන්ට පහර දෙන ලෙස අණදෙන පොලිස් ඇමැතිවරයෙක් ලංකාවේ ඉන්නවා. ඒ වගේම ඔහුට උපදෙස් දෙන අගමැතිවරයෙක් ද ඉන්නවා. කොලොන්නාවේ මහත්වරු කෝ. 2015 වන තෙක් එහෙට ද මෙහෙට ද කියා බල බල හිටියා. සේවකයන්ට මැරයන් දාලා පහර දෙන්න මැරයන් ද මේ.”

 

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...