Home / Featured / මහින්ද ආරක්ෂක ඇමති ලෙස කල වරදකට – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තින්දුවක්

මහින්ද ආරක්ෂක ඇමති ලෙස කල වරදකට – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තින්දුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ඇමතිවරයා සතු බලතල භාවිත කරමින් විසින් වැල්ලවත්තේ තට්ටු තුනක ගොඩනැගිල්ලක් රාජසන්තක කිරීම මඟින් එම නිවස අයිති ව්‍යාපාරික යුවලගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(27) තින්දු කළා.ඒ අනුව අදාළ ගොඩනැගිල්ල සති 08ක කාලයක් තුළ එහි හිමිකරුවන්ට බාරදෙන ලෙසත් එම යුවලට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර සිටියා.

වැල්ලවත්තේ චැපල් පටුමගේ පිහිටා තිබුණු අතර අයිතිය තිබුණේ දෙමළ ජාතික ව්‍යාපාරිකයකුට වන අතර එල්.ටී.ටී.ඊ සංවිධානයට අරමුදල් රැස්කරන බව හා එම සංවිධානයට අයිති ගොඩනැඟිල්ලක් බව තීරණය කරමින් නිවස රාජසන්තක කර තිබේ.

මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ සහ අනිල් ගුණරත්නගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වු අතර මෙම චෝදනා සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වු බවත් මේ සම්බන්ධයෙන් කිසිදු හේතු විමසීමකින් තොරවම ආරක්ෂක ඇමතිවරයා ලෙස එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය බලතල පාවිච්චි කරමින් 2009 දෙසැම්බර් 17 වැනිදා තම සේවාදායකයින් සතු මෙම ගොඩනැගිල්ල අයත් පරිශ්‍රය රාජසන්තක කළ බවත් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පෙන්වා දි තිබේ.

Mahinda Rajapaksa

Check Also

ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ වහාම මහනායක හිමියන්ට දෙනවා

ව්‍යවස්ථාව පිළිබඳ අනු කමිටුව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල ව්‍යවස්ථාදායක සභාව සඳහා පමණක් බවත් එය සභාවේ ...