Home / Featured / දැන්වත් ගෙදර පලයව් කියලයි අපි කියන්නේ…..රාජපක්ෂ පවුල පමණක් නොවේ බෞද්ධයො..මෛත්‍රීපාල සිරිසේනත් බෞද්ධ

දැන්වත් ගෙදර පලයව් කියලයි අපි කියන්නේ…..රාජපක්ෂ පවුල පමණක් නොවේ බෞද්ධයො..මෛත්‍රීපාල සිරිසේනත් බෞද්ධ

බැසිල් මහතා පසුපස ගිහින් ශ්‍රි ලනිප ආණ්ඩුවක් පිහිටුවන්න බැරි බවත් ඒ සඳහා ශ්‍රී ලනිප නායකයා සමඟයි එක්විය යුතු බවත් කඩුවෙල හිටපු නගරාධිපති ජී එච් බුද්ධදාස පවසයි.ඊයේ (27) මාලබේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ජී එච් බුද්ධදාස සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු 18ක් ඉවත් විමට නම් දහස් පක්ෂ විධායක සභාවේ අනුමැතිය ලැබිය යුතු බවයි.

“ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු 18ක් යන බවට කතාවක් තිබෙනවා. මේ අය යහපාලන ආණ්ඩුවට එකතු ‍වුනේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ විධායක සභාවෙ ඒකමතික තීන්දුවක් මතයි. ඒ අනුව වෙන්වීමට නම් ඒ විධායක සභාවම තීන්දු කළ යුතුයි.උසාවියේ නඩු තීන්දුවලින් බේරෙන්යි මේ අය උත්සහ කරන්නෙ. කවුරු සොරකම් කළත් දඬුවම් දිය යුතුයි. මේ රටේ ධනය විනාශ කළා ඇති දැන්වත් ගෙදර පලයව් කියායි අවසානයේ අප කියන්නෙ.”

“කෙසේ වුවත් මෙසේ යන්න තීරණයකර තිබෙනවා නම් කා ලඟට ද යන්නෙ කියන එක වැදගත්.මේ අය යන්න හදන්නෙ පසුගිය කාලෙ ප්‍රතිපත්ති බිඳිමින් වැරදි ලෙස කටයුතු කළ පිරිසක් ලඟට. මා දන්නා තරමින් මේ අය යන්නෙ නැහැ. ගියත් යහපාලන ආණ්ඩුවට 2020 වෙනකම් ‍ඉදිරියට පවත්වාගෙන යන බව ස්ථිරයි.”

“මේ රටේ රාජපක්ෂ පවුල පමණක් නොවේ බෞද්ධයො බහුතර ජනතාව මෙන්ම ‍ජනාධිපති‍ මෛත්‍රීපාල සිරිසේන මහතාත් බෞද්ධ. අද රටේ හැමදේටම ස්ට්‍රයික් කරනවා. එදා රටේ ආර්ථිකය විනාශ කළා. ඉඩම්ගත් බැසිල් මහතා මේ පිටුපස සිටිනවා. එදා විමල් කිව්වා බැසිල් නිසා පැරදුණා කියා.”

“බැසිල් හා දිනේෂ් මහත්වරු නිසයි අද පලාත් පාලන නියෝජිතයින්ට ගෙදරට වෙලා ඉන්න සිදුව තිබෙන්නෙ. මීට අදාල පනත එදා ගෙන එන විට මා කිව්වා මේ පනත අහිතකරයි කියා. ඒ අය කළේ පලාත නියෝජිතයො 25ක් ගෙදර යවපු එක. එවැන්නක් කළ බැසිල් මහතා පසුපස යාම කළ යුතුද?”

“සමහරු කියනවා වර්තමාන ජනාධිපතිට පණ නැහැ කියා. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමත් අනෙකුත් අයට ඇහුම්කන් දීමත් නිසයි මෙවැනි කතා කියන්නෙ. එතුමා අපට ශක්තියක්. අපේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතේ ලේ නැහැ.පිරිසිදු චරිතයක්. ඒ වගේම ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්ඩායමේ අය අතර හොරු නැහැ. නායකයා අවංක වීමයි මීට හේතුව. මේ ආණ්ඩුවේ ශ්‍රි ලනිප කිසිවෙකුට දුෂණ චෝදනා නැහැ. මේ අනුව කුමන මැතිවරණයක් පැවැත්වුවත් අපට ජයග්‍රහණය කළ හැකියි.”

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...