වරාය සේවකයන්ගේ කරමතින් ආ අගමැති,ජනපති -කොළඹ වරාය ඉදිරිපිටදී ගිණි බත් වෙයි..

0

හම්බන්තොට වරාය චීනයේ CM Port සමාගමට පැවරීම සඳහා වු ගිවිසුම අත්සන් කිරීම ඛනිජ තෙල් සංස්ථාවේ වර්ජනය හේතුවෙන් කල් දැමීමටත් ගිවිසුම පිලිබඳ අගෝස්තු 01 දින වෘත්තීය සමිති සමග සාකච්ඡා කර සංශෝධනය කිරීමටත් වූ එකඟතාව මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කඩකරමින් වැඩකරන ජනතාව රැවටීම පිළිබඳව විරෝධය දක්වමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අද (29) උදේ 10ට කොළඹ වරාය ඉදිරිපිටදී විරෝධතාවක නියැලුනා.

එහිදී විරෝධතාකරුවන් ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ ජායාරූප මෙන්ම මිනී පෙට්ටි, මල්වඩම් පුලුස්සමින් සටන්පාඨ කියමින් තම විරෝධය හා පිළිකුල ප්‍රකාශ කළ අතර සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ ප්‍රකාශ කළේ කුමණ ගිවිසුම් ගැසුවද ඒවා ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවත් ජනතාව සමග එක්වී එය පරාජයට පත්කරන බවත්ය.