Home / Featured / සිරිසේන- වික්‍රමසිංහ දුෂ්ඨ ආණ්ඩුව කැබිනට් එකත් අන්දලා…ගොන් කැබිනට් එක රවට්ටලා..පෙන්නුවේ එකක් අත්සන් කලේ තව එකක්…

සිරිසේන- වික්‍රමසිංහ දුෂ්ඨ ආණ්ඩුව කැබිනට් එකත් අන්දලා…ගොන් කැබිනට් එක රවට්ටලා..පෙන්නුවේ එකක් අත්සන් කලේ තව එකක්…

CM Port කියන චීන සමාගම සමග අත්සන් කල ගිවිසුම කොයි පැත්තෙන් බැලුවත් නීතිවිරෝධී ගිවිසුමක් බවත්  මේ ගිවිසුම අවලංගු කරන්න අවශ්මේ‍ය බවත්  ගිවිසුම ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවත් ජාතික නිදහස් පෙරමුණ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි සදහන් කළා.

“තායිලන්තය හරහා අගෝස්තු මාසෙදි කපලා ඉවර වෙනවා සේද මාවත. කැපුවට පස්සේ සේද මාවත කිලෝමීටර් 1600 කින් විතර කෙටි වෙනවා. සේද මාවත කොට වෙනකොට ශ්‍රි ලංකාව හරහා යන සේද මාවතේ නැව් ටික ඔක්කෝම යන්නේ හම්බන්තොට වරායට අත වනවනා දවසකට නැව් 500ක් විතර හම්බන්තොට මාගම්පුර ඓතිහාසික වරායේ දොරකඩින් යනකොට යන නැව් ටිකට තෙල් ටික වතුර ටික සපයන්න අපිට හැකියාව තියන කොට අපිට ඇති වෙන මොකවත් නොකළත්. එතකොට ඩොලර් වැහි වහින්න ගන්නවා. ඒ ඩොලර් වැහි වහිනකොට හම්බන්තොට වරාය අපිට අහිමි වෙනවා. කාටද ඒක අයිති චීනෙට. අද දෙනවා ඒ වරාය චීනෙට, කියකටද ඇ. ඩො 1400කට.”

“සිරිසේන- වික්‍රමසිංහ දුෂ්ඨ ආණ්ඩුව කැබිනට් එකත් අන්දලා තියෙන්නේ. මේ ගොන් කැබිනට් එක එක්කෝ අන්දලා රවට්ටලා නැත්නම් කොමිස් වලට අරගෙන තියෙන්නේ. මේ හම්බන්තොට වරාය සමාගම් දෙකක් හදනවා. එකක් තමයි HIPS කියන සමාගම තව සමාගමක් හදනවා HIPG කියන සමාගම. එතකොට ඒකේ කොටස් ප්‍රාග්ධනයෙන් 15%ක් අයිති වෙන්නේ ශ්‍රි ලංකා රජයට 85% අයිති වෙන්නේ CM Port කියන චීන සමාගමට. HIPS කියන සමාගමෙන් කැබිනට් ප්‍රතිකාවට අනුව ශ්‍රි ලංකාවේ වරාය අධිකාරියයට අයිතියි 50.7%ක් CM Port කියන සමාගමට අයිතියි 49.3%ක්. එතකොට කොටස් 100ය සම්පූර්ණයි. කැබිනට් ප්‍රතිකාවේ තියන ගාන නෙමෙයි ගිවිසුමේ තියෙන්නේ. 42% ශ්‍රි ලංකා වරාය අධිකාරියට. 58%යි CM Port සමාගමට. වෙනස කීයද ඩොලර් මිලියන 57.3යි. ඒක වැඩිකරන්න 150 න් රුපියල් බිලියන 8.5 කට වැඩියි. මිලියන 8500ක් කොටස් ප්‍රාග්ධනයයෙන් පාඩු කරගෙන තියනවා මේ ගිවිසුම ගහලා. Hambantota International Port Services එකේ කැබිනට් ප්‍රතිකාවේ තියන අයිතිය නෙමෙයි ගිවිසුමේ තියෙන්නේ. ගිවිසුමෙන් මේ අයිතිය අඩු කරලා තියෙන්නේ. දැන් පාර්ලිමේන්තුවට ආවේ මේක. මේක තමයි අනුමත කරපු කැබිනට් ප්‍රතිකාව. ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයේදි මේ පිළිබඳව හෙලිදරවි කරන්න හිතාගෙන ඉන්නකොට තමයි කතානායකතුමා පාර්ලිමේන්තුව කල් දාලා වහලා ගියේ. Hambantota International Port Services අයිතිය තියෙන්නේ වරාය අධිකාරියට කියලා මෙයාලා කිව්වා නැහැ ඒක එහෙම නෙමෙයි. දැන් ඒ අයිතියත් චීනයට දීලා තියනවා. මේක නීතිවිරෝධී ගිවිසුමක් කොයි පැත්තෙන් බැලුවත්. මේගිවිසුම අවලංගු කරන්න ඕන. මේ ගිවිසුම ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා ගතහැකි සෑම පියවරක්ම අපි ගන්නවා,”

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...