රවි බැඳුම්කර කොමිසම හමුවට- වැරදිලාවත් වැරදිකාරයෙක් වෙන්නේ නෑ, එජාපයෙන් ප්‍රතිඥාවක්

0

වත්මන් විදේශීය අමාත්‍ය හා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අද පෙරවරුවේ මහ භාණ්ඩාගාර බැඳුම්කර නිකතුව පිළිබඳව විමර්ශනය සඳහා වන ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ ය.

කොමිසම විසින් අමාත්‍යවරයාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිටියේ සාක්ෂිකාරියක් සින් කොමිසම හමුවේ ප්‍රකාශ කළ සාක්ෂියකට අදාළ ව සිදු කෙරෙන විමර්ශනයකට අනුවයි.

අමාත්‍යවරයාට මීට පෙර අවස්ථා දෙකකදි කොමිසම හමුවේ පෙනිසිටින ලෙස නියෝග කර තිබුණද කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වීමට ඇති බව සහ ජනාධිපතිවරයා විසින් තමාව ආරක්ෂක කමිටුව වෙත කැදවා ඇති බව දන්වමින් ඔහු එම අවස්ථා දෙකෙහිදීම කොමිසම හමුවේ පෙනී සිටියේ නැත.

කරුණානායක අමාත්‍යවරයාගේ සහයට එක්සත් ජාතික මන්ත්‍රිවරු පිරිසක් ද කොම්සම් පරීශ්‍රයේ රැදි සිටිනු දක්නට ලැබුණි. එහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ පවසා සිටියේ රට තුළ යහපාලනය ක්‍රියාත්මක වන බවට හොදම නිදර්ශනයක් ලෙස මෙම අවස්ථාව හදුන්වා දිය හැකි බවත් පහුගිය ආණ්ඩු සමයේදි නම් ප්‍රාදේශිය මන්ත්‍රිවරයෙකුට හෝ එරෙහිව මෙවැනි දේ සිදු නොවන බවයි.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මෙහිදි පවසා සිටියේ රටේ නීතියක් එති බවට රටට ඔප්පු කිරීමට තම රජය සමත්ව ඇති බවයි. එසේම විදේශ කටයුතු අමාත්‍යවරයා වැරදීමකින්වත් වැරදිකරුවෙකු නොවන බවට ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා මෙහි පැමිණ ඇත්තේ සිය නිර්දෝශිබව ඔප්පු කිරීමට බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.