කවුද මේ RK?..මුල් නමට R අකුර තිබෙන වාසගම සඳහා K අකුර ඇති මන්ත්‍රීවරුන් කවුද?

0

බැඳුම්කර කොමිසමේ හෙලිවන තොරතුරු වලට සම්බන්ධ පුද්ගලයන් වෙනුවෙන් ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා විසින් වහාම තීරණයක් ගත යුතු බව අමාත්‍ය එස්. බී දිසානායක ඊයේ(03)කොළඹ පැවති මාධ්‍ය හමුවකදි සදහන් කළා.

“ඔය ඇලෝසියස්ගේ ෆෝන් එකේ තියන හාඩ්වෙයාර් එකේ තොරතුරු අරවා මේවා එළියට එනවා. තොරතුරු වලින් පේනවා කියවෙන ඇතැම් නම් ගම් වල බරපතළ ප්‍රශ්නය තියනවා කියලා. ඉතින් ඒක පක්ෂයේ ගෞරවයත් ආරක්ෂා වන විදියට ආණ්ඩුවේ ගෞරවයත් ආරක්ෂා වන විදියට ජනාධිපතිතුමත් අගමැතිතුමත් වහාම තීරණයක් ගත යුතුයි. එහෙම නැත්නම් මේ පිළිබඳව මහජනයා ඇවිස්සෙන්න බලයි. විශ්වාසභංග එයි, පක්ෂ ඇතුලේ ප්‍රශ්න එයි, ආණ්ඩුව ඇතුලේ ප්‍රශ්න එයි. Hon. RK කිව්වම ඉතින් කවුද දන්නේ නැත්තේ. දන්නේ නෑ කියලනේ කියන්නේ. සාමාන්‍ය මිනිස්සු නම් දන්නවා ඒ යට තේරෙනවා මේ කවුරු ගැනද කියන්නේ කියලා. ඉතින් ඒවා ගැන කොමිසම තීන්දු ගනියි. වෙන මොනවද කියන්න තියෙන්නේ. මම දන්නේ නෑ කියලා ඇඟ බේරගන්නවා මිසක් වෙන මොනවද කරන්න පුළුවන්. විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කළ නිලධාරින් තොරතුරු හොඳට අතේ තියාගෙන යන අයගෙන් ප්‍රශ්න කරන බව තේරෙනවා.”

මේ අතර අද පැවැති මාධ්‍ය හමුවකදි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල RK සම්බන්ධයෙන් අදහස් දැක්වුවා…

රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ RK යන පුද්ගලයා පිළිබඳ නොදන්න බව ප‍්‍රකාශ කලත් තමන් ඒ ඔහු යැයි දන්නා බවත්…

පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරු 225 දෙනාගෙන් මුල් නමට R අකුර තිබෙන වාසගම සඳහා K අකුර ඇති එකම පුද්ගලයා රවී කරුණානායකට බව ද උදය ගම්මන්පිල පෙන්වා දුන්නා.