Home / Featured / CSN අධ්‍යක්ෂිකාවට රතු වරෙන්තු ඉල්ලයි…සැකකාරිය ඕස්ට්‍රේලියාවේ FCID කියයි

CSN අධ්‍යක්ෂිකාවට රතු වරෙන්තු ඉල්ලයි…සැකකාරිය ඕස්ට්‍රේලියාවේ FCID කියයි

CSN නාලිකාවේ අධ්‍යක්ෂිකාවක හා කොටස් හිමිකාරීත්වය දැරුවේ යැයි කියන ගාඩියා කරුණාජීව නමැති සැකකාරියට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කරන්නැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ (03) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

උපයාගත් ආකාරය හෙළි නොකළ මුදලින් CSN නාලිකාව පවත්වාගෙනයාම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ සැකකරු ඇතුළු පිරිසකට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාගවන අතර ගාඩියා නැමැති අය නඩු‍වේ හයවන සැකකාරිය ලෙස නම්කර තිබේ.

දැනට මෙම සැකකාරිය ඕස්ට්‍රේලියාවේ සිටින බවට තොරතුරු ඇති බවත්, ඇය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදන යටතේ වරෙන්තු නිකුත් කරන ලෙසත් මූල්‍ය අපරාධ කොට්ඨාසය දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියා.

හයවෙනි සැකකාරිය වෙනුවෙන් මීට පෙර නඩු විභාගයන්හිදි නීතිඥවරුන් පෙනී සිට ඇති අතර සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන බවට නීතිඥවරුන් දැනුම් දී තිබුණු කරුණු කෙරෙහිද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර ඇත.

කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් වරයා නියෝගය නිකුත් කිරීම ලබන 10 දිනට කල් තබනු ලැබුවා.

Check Also

ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ වහාම මහනායක හිමියන්ට දෙනවා

ව්‍යවස්ථාව පිළිබඳ අනු කමිටුව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල ව්‍යවස්ථාදායක සභාව සඳහා පමණක් බවත් එය සභාවේ ...