ආපසු විපක්ෂයට යන්නත් මම ඉගෙන ගත්තා…හරියට වලගම්බා රජතුමා ආයෙත් වනගත වුණා වගේ

0

ආපසු විපක්ෂයට යාම සම්බන්ධයෙන්ද තමන් ඉගෙන ගත් බවත් එම අත්දැකීම “හරියට වලගම්බා රජතුමා ආයෙත් වනගත වුණා වගේ තමයි” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.අගමැති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු දිවියට හතලිස් වසරක් පිරීම නිමිත්තෙන් පැවැති පාර්ලිමේන්තුවේ විශේෂ සභා රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ තමන් වසර 20ක් පමණ පළපුරුදු දේශපාලන නායකයන්ගෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඉගෙන ගත් බවයි.

විනයානුකුලව කටයුතු කිරිම . ඉවසිම .ඊර්ෂ්‍යයා නොකිරිම හා ජයපරාජය එකලෙස භාරගැනිම දශක හතරක දේශපාලන දිවියෙන් තමන් ලබාගත් දේ බව පෙන්වා දුන් අගමැතිවරයා විනයානුකුලව කටයුතු කිරිම ඉවසිම. ඊර්ෂ්‍යයා නොකිරිම මෙන්ම ජය පරාජය එකලෙස භාර ගැනිම දශක හතරක තම දේශපාලන දිවියෙන් ලද අත්දැකිම් බවද සදහන් කළා.

ගෙවිගිය දශක හතරක තුළ තමා ලද අත්දැකිම් ඉමහත් බවත් ජේ. ආර්. ජයවර්ධන හා රණසිංහ ප්‍රේමදාස යන ජනාධිපතිවරුන්ගේ පාලන සමයේ ඔවුන්ගේ නායකත්වය යටතේ ලද අත්දැකිම් විශේෂයෙන් සදහන් කළ හැකිබව පැවසිය.

සියලු දෙනා එක්ව රට පෙරට ගෙන යා යුතු බව පැවසු අගමැතිවරයා රටේ ආර්ථික සංවර්ධනය සදහා සියලු දෙනා කැපවිය යුතු බව අවධාරණය කළේය . පාර්ලිමේන්තුව ශක්තිමත් කිරිම සදහා රජය දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද ඔහු පැවසිය.

මෙම අවස්ථාවට එක්වෙමින් කථානායක කරු ජයසුරිය පැවසුවේ ….

පුරා දශක හතරක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ අගමැති රනිල් වික්‍රමසිංහ ට මේ ආකාරයෙන් සුබපැතුම් පිරිනැමිමට ලැබිම පාර්ලිමේන්තුව ලද භාග්‍යයක් බවයි.

ඇමති නිමල් සිරිපාල ද සිල්වා ……..

රනිල් වික්‍රමසිංහ තුළ ඇති සුවිශේෂි දේශපාලන ලක්ෂණය නම් ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයන් එල්ල කරන විවේචන වලදි නොසැලි සිටිමේ හැකියාව බව සදහන් කළේය. අගමැතිවරයා තරුණ දේශපාලනඥයින්ට සැබවින්ම ආදර්ශයක් බවත් ආරක්ෂක , විදේශ කටයුතු , මූල්‍ය හා ජාත්‍යන්තර ප්‍රතිපත්ති වැනි ක්ෂේත්‍රවල සුවිශේෂි දස්කම් ඔහු පෙන්වා තිබෙන් බවද සදහන් කළා.

රටේ ගැටඵ විසදිමේ සුවිශේෂි දක්ෂතාවක් වික්‍රමසිංහ මහතා සතය. GSP+ බදු සහනය යලි රටට ලබා ගැනිමේදි ඔහුගේ පරිනත ජාත්‍යන්තර සබඳතා බෙහෙවින් ඉවහල් වු බව නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා සදහන් කළේය.

Ranil Wickremesinghe