දාගැබ කඩා එහි නිදන් වස්තු සොරා ගනි….CCTV පද්ධතියත් කඩලා…දඹ රණ් පිළිමය නුලෙන් බේරේ…විහාරවාසි හිමියන් සහ සේවකයාගේ ප‍්‍රකාශ පරස්පරයි..

0

පුරා විද්‍යා දෙපර්තෙමින්තුව මගින් සංරක්‍ෂණය කර ඇති මල්වත්ත විහාරස්ථානයට අයත් වසර එක්දහස් හතලිස් හතරක් (1044) ඉපැරණි පුඩළුඔය කලපිටිය පුසුල්පිටිය රජමහා විහාරස්ථානයේ දාගැබ කඩා එහි තැන්පත් කර තිබු නිදන් වස්තු කිසියමි පිරිසක් සොරා ගෙන ගොස් ඇති බව පුඩළුඔය පොලිසිය පවසනවා.

ඊයේ (03.08) රාති‍්‍ර 9.00 ට පමණ එම විහාරස්ථානයට පැමිණි සිවිදෙනෙකු විසින් එහි විහාර වාසි හේවාවිස්සගේ පියනන්ද හිමියන්ව සහ එහි සේවකයෙකුව ගැටගසා එම විහාරස්ථානයේ දාගැබ කඩා එහි තුල වු නිදන් වස්තුද සොරා ගෙන ඇති අතර එම විහාරස්ථානයේ සවිකර තිබු සි.සි.ටිවි කැමරා පද්ධතියේ දත්ත ගබඩා උපකරණය සොරුන් විසින් ගලවාගෙන ගොස් තිබෙනවා.

දුටුගැමුණු රජතුමන් විසින් රාජඅභිෂේක ලැබිමෙන් අනතුරුව එය සිහිවිම පිණිස මෙම රජමහා විහාරස්ථානය ඉදිකර ඇති බවයි එහි විහාරවාසි හිමියන් පැවසුවේ. උල් ආයුධ සහිතව පැමිණි මෙම පිරිස තමන් වහන්සේව හා විහාරස්ථානයේ ආරක්‍ෂාවට සිටින අයෙකුව බිය ගන්වා ආවාස ගෙය තුල ගැට ගසා රාත‍්‍රි 9.00 අද (04.08) අලූයම 1.00 පමණ වන තෙක් විහාරස්ථානයේ රැදි සිටිමින් දාගැබට අමතරව විහාර මන්දිරයේ බුදු පිළිම වහන්සේටද අලාභ හානි කර විහාරස්ථානයේ තිබු මිළ කළ නොහැකි පුස්කොළ පොත් ඇද දමා විහාරස්ථානයේ දේපල වලටද අලාභ හානි කර ගොස් ඇති බවයි විහාරවාසි හිමියන් පවසන්නේ.

තමන් වහන්සේ මිට වසරකට ප‍්‍රථම මෙම විහාරස්ථානය භාරව පැමිණි බවත, නිදන් සොරු විහාරස්ථානයෙන් පිටව ගිය පසු තමන් වහන්සේව ගැට ගසා තිබු ලණු ගලවාගෙන පසුව විහාරස්ථානයට එපිටින් වු දායකයන් කිහිපදෙනෙකුට දැනුමි දි පසුව පුඩළුඔය පොලිසියට පැමිණිළි කළ බවයි විහාරවාසි හිමියන් පවසන්නේ.

මිට මාස කිහිපයකට ප‍්‍රථම එම රජමහා විහාරස්ථානයේ විහාර ගෙයි තිබු මිළ කළ නොහැකි මකර තොරණක් කිසියමි පිරිසක් විසින් සොරා ගෙන ගොස් ඇති අතර එම සොරකම සමිබන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු ෙමි වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් එම රජමහා විහාරස්ථානයේ තිබු මිළ කළ නොහැකි දඹ රණ් බුදු පිළිමය නිදන් සොරු විසින් ඊයේ (04.08) රාති‍්‍ර රැගෙන ගොස් නොමැති බවයි පුඩළුඔය පොලිසිය පවසන්නේ.

විහාරවාසි හිමියන් සහ එහි සේවකයාගේ ප‍්‍රකාශ පරස්පර විරෝධි බවත් ෙමි පිළිබද පරික්‍ෂණ පවත්වන පුඩළුඔය පොලිසිය පවසනවා. මෙම සොරකම සමිබන්ධයෙන් නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට අංශ කිහිපයක් ඔස්සේ පුඩළුඔය පොලිසිය පරික්‍ෂණ ආරමිභ කර තිබෙනවා.

හැටන් රංජිත් රාජපක්ෂ