Home / Featured / රණවිරුවෙකු සහ මිනීමරුවෙකු අතර වෙනස සමාජය වටහා ගත යුතුයි….මම අත්අඩංගුවට ගන්න ඉන්න අය ඔක්කොම අත්අඩංගුවට ගන්නවා

රණවිරුවෙකු සහ මිනීමරුවෙකු අතර වෙනස සමාජය වටහා ගත යුතුයි….මම අත්අඩංගුවට ගන්න ඉන්න අය ඔක්කොම අත්අඩංගුවට ගන්නවා

ත්‍රස්තවාදයට හිස එසවීමට යළි කිසිදු ඉඩක් නැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.අද (04) මල්වතු මහා විහාරය වෙත ගිය යුද හමුදාපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනිමෙන් පසුව ස්ගිරි මහා විහාරය වෙත ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ද ලබාගත්තා.

පසුව මාධ්‍ය අමතමින් යුද හමුදාපතිවරය සදහන් කළේ හමුදා සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් දඩයමක් ක්‍රියාත්මක වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක රණවිරුවෙකු සහ මිනීමරුවෙකු අතර වෙනස සමාජය වටහා ගත යුතු බවයි.

හමුදා සාමාජිකයන් සහ නිලධාරීන් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය සහ යුද හමුදා නීතියට යටත් බව පෙන්වා දෙන හමුදාපතිවරයා එබැවින් ත්‍රිවිධ හමුදාවම විනයට ගරු කරන බවද පෙන්වා දුන්නා.

“විශේෂයෙන් රණවිරුවෙක් දැන ගත යුතුයි රණවිරුවා කවුද මිනීමරුවා කවුද කියලා. රණවිරුවෙක් මිනීමරුවෙක් වී තිබෙනවා නම් ඔහු ඒ දඬුවමට යටත් විය යුතුයි”

“යුද කාලෙදී හෝ පසුව නිල ඇඳුම භාවිත කරලා යම් අයෙකු වැරදි ක්‍රියාවක නිරත වී තිබෙනවා නම් ඔහු රණවිරුවෙක් නෙවෙයි. අන්න ඒ කියන්නා වූ රණවිරුවෝ තමයි ඒ දඩයම් කරනවා කියන්නේ. නැතුව සටන හරියට කරපු කිසිම කෙනෙකුට එහෙම දඬුවම් ලැබිලත් නැහැ”

“ඒ අයට කිසි සමාවක් නැහැ. මම අත්අඩංගුවට ගන්න ඉන්න අය ඔක්කොම අත්අඩංගුවට ගන්නවා”

මේ වනවිට යාපනය අර්ධද්වීපයේ පමණක් හමුදා සේනාංක 3 යොදවා තිබෙන සඳහන් කළ හමුදාපතිවරයා අවශ්‍ය වූ විටක ක්‍රියාමාර්ග ගැනීම සඳහා මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානවල හමුදාව ස්ථානගත කර ඇති බවද අවධාරණය කළා.

Commander Pays Homage to Sri Daladha Maligawa & Malwatte – Asgiriya Prelates

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *