Home / Featured / නිසි ශක්‍යතා අධ්‍යයනයක් නෑ…. උමාඔය ගැන නෝර්වේ විශේෂඥයා කියයි…

නිසි ශක්‍යතා අධ්‍යයනයක් නෑ…. උමාඔය ගැන නෝර්වේ විශේෂඥයා කියයි…

උමාඔය ව්‍යාපෘතිය නිසි ශක්‍යතා අධ්‍යයනයකින් සහ පරිසර බලපෑම් අධ්‍යයනයකින් තොරව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම හේතුවෙන් එහි ප්‍රධාන උමගෙහි ජලය කාන්දුවීම සහ අදාළ ප්‍රදේශයේ භූගත ජලය සිඳීයැම සිදුවී ඇති බව නෝර්වේ විශේෂඥයා ජනපතිට දුන් වාර්තාවෙන් පෙන්වා දි තිබේ.

නෝර්වේජියානු විශේෂඥ බෙන්ටි අගාඩි අදාළ වාර්තාව ඊයේ (04 ) සවස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ජනාධිපතිවරයාගේ නිල නිවසේදී බාරදි ඇති අතර එමගින් පෙන්වා දි ඇත්තේ

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමගේ ඉතිරි කැණීම් කටයුතුවලට පෙර වක්‍රාකාරව සිමෙන්ති ආලේප කළ හැකි යන්ත්‍ර භාවිත කළ යුතු බවත් එහිදී දැනට භාවිත කරනවාට වඩා ශක්‌තිමත් සිමෙන්ති වර්ගයක්‌ භාවිත කළ යුතු බවත් උමගේ කැණීම් කටයුතුවලදී ඒ වටා ඇති බිත්තිවල විශේෂ සිමෙන්ති ආලේපකර ජලය කාන්දුවීම වැළැක්‌වීම පමණක්‌ ප්‍රමාණවත් වී නොමැති බව ද ඔහු සිය වාර්තාව තුළින් පෙන්වා දි තිබේ.

උමගේ ඉතිරි කි.මි හතරා හමාරේ කැණීම් කටයුතුවලට පෙර වක්‍රාකාරව සිමෙන්ති ආලේප කළ හැකි යන්ත්‍ර භාවිත කළ යුතු බවටත්, එහිදී දැනට භාවිතා කරන සිමෙන්තිවලට වඩා ශක්‌තිමත් සිමෙන්ති වර්ගයක්‌ භාවිත කළ යුතු බවටත් එකී වාර්තාවේ නිර්දේශ කර තිබේ. උමං මාර්ගයේ කැණීම් කටයුතු ජනාවාස සහිත ප්‍රදේශවලට යටින් සිදුවන බැවින් මෙය ඉතා අත්‍යාවශ්‍ය බවද නෝර්වේජියානු විශේෂඥවරයා පෙන්වා දෙයි.

Norwegian expert on Uma Oya Project: ‘Suitable machinery not used for the project’

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *