Home / Featured / RK එලවන මෙහෙයුම උග්‍ර අතට….ජනපති,අගමැති මට යන්න කිව්වේ නෑ…!!! රවී පන්නන මෙහෙයුම එජාප,ශ්‍රීලනීප ප්‍රබලයන් අතට!

RK එලවන මෙහෙයුම උග්‍ර අතට….ජනපති,අගමැති මට යන්න කිව්වේ නෑ…!!! රවී පන්නන මෙහෙයුම එජාප,ශ්‍රීලනීප ප්‍රබලයන් අතට!

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චොදනා එල්ල වි සිටින රවි කරුණානායක ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට තම තමන්ගේ අභිමතය පරිදි ඡන්දය පාවිච්චි කිරීමට ශ්‍රීලනිප සහ එජාප මන්ත්‍රිවරු පිරිසක් දෙපක්ෂයේ නායකත්වයෙන් ඉල්ලිමක් කිරිමට සුදානම් වන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සේවිමට පත්කර තිබේන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අනාවරණය වෙමින් පවතින තොරතුරු පිළිබඳව සැලකිල්ලට ගනිමින් අමාත්‍ය කරුණානායකට එරෙහිව එල්ල වි ඇති විශ්වාසභංග යෝජනාවට ඡන්දය ලබාදීමේදී කිසිදු බලපෑමකින් තොරව ස්වයං තීරණ මත ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් තිබිය යුතු බව එම කණ්ඩායමේ අදහස වි තිබේ.

ඊට සමගාමීව එම යෝජනාව සඳහා ඡන්දය විමසීම සිදුකරන අවස්ථාවේ ආණ්ඩුව සමඟ කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුද තමන්ගේ අභිමතය පරිදි ක්‍රියා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලීමට යන බවද වාර්තා වේ.

වත්මන් යහපාලන ආණ්ඩුවෙ ප්‍රභලයන් කිහිප දෙනෙකුම මෙම කණ්ඩායම් දෙකම පසුපස සිටිමින් මෙහෙයවන අතර එම මෙහෙයවිම මත දෙපාර්ශවයේම මන්ත්‍රීවරුන් කොළඹට කැඳවා සාකච්ඡාවක් පැවැත්විමට කටයුතු කර තිබේ.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ චොදනා එල්ල වි සිටින මුදල් අමාත්‍ය රවී කරුණානායකට අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලා සිටි බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අමාත්‍ය රවි කරුණානායක සිය මුහුණු පොතේ (www.facebook.com) සටහනක් තබා තිබේ.

ගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා මගේ ඉල්ලා අස්වීම ඉල්ලා ඇති බව මාධ්‍ය පුවත් පළ කර තිබේ. එවැනි සාකච්ඡාවක් සිදුනොවනු බව පැහැදිලි කිරීමට මා කැමතියි.

There has been recent media articles stating that the Hon. President and Hon. Prime minister has asked for my resignation. I would like to clarify that there has been no such discussion. – Ravi

මේ අතර විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවට දැනුම් දීම නිසා ඇමැතිවරයා කැඳවා මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. ලබන සතියේදී රවි කරුණානායක කැඳවා මේ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර දිර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වි ඇති අතර ඒ අනුව රවි කරුණානායක කැඳවා මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනිමට දෙදෙනාම එකඟත්වය පලකර තිබේන බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළෙ.

Check Also

ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ වහාම මහනායක හිමියන්ට දෙනවා

ව්‍යවස්ථාව පිළිබඳ අනු කමිටුව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල ව්‍යවස්ථාදායක සභාව සඳහා පමණක් බවත් එය සභාවේ ...