කැමරා ඉස්සරහා මහෝෂධ වෙන්න හදනවා ….ජනතාව දන්නවා කේවට්ටයා කියලා …..අජිත්ට හොදම සිංහලෙන් රාජපක්ෂ කියාදෙයි

0

නීති ක්ෂේත්‍රය පිළිබදව අවබෝධයක් ඇතිව දේශපාලනඥයන් අදහස් ප්‍රකාශ කළ යුතු බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ අවධාරණය කරනවා.

අධිකරණ ඇමතිවරයා තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න ඕන. ඒක විදුලි බල ඇමතිට බෑ. ජනාධිපතිවරයාට මේ අලුත් දේවල් කරන්න කැපවීමක් තියනවානම් කළ යුතු දේ කරන්න යනුවෙන් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඉලක්ක කර චොදනා රැසක් නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා එල්ලකර සිටියා.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ අද (05) පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේ ලංකාවේ ඕනම ආයතනයක් ඕනෑම අමාත්‍යාංශයක්, ඕනම දෙපාර්තමේන්තුවක් කාටද දෙන්නේ..? කාටද නොදෙන්නේ කියලා තීන්දු තීරණ ගන්නේ ජනාධිපති බවත් ඒ අනුව ඕනම අමාත්‍යාංශයක් ඕන වෙලාවක පවරා ගන්න ජනාධිපතිවරයාට පුළුවන් බවයි.

නිවැරදි ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නොදැනුවත්ව ඇතැමුන් කරන ප්‍රකාශ තුළ විකෘතිමය තත්ත්වයක් නිර්මාණය වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා අධිකරණ ක්‍රියාවලිය සහ නීතිපතිවරයාගේ ක්‍රියාවලියට බාධා කරමින් විරුද්ධ දේශපාලඥයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනිමට කිසිවිටෙකත් සුදානම් නැති බවයි.

Wijeyadasa Rajapakshe