Home / Featured / ටෙලිකොම් රුපියල් කෝටි 800ක වංගුව ගැන ඇමති නොදනී…මට ටෙලිකොම් පාලනය කරන්න බෑ…

ටෙලිකොම් රුපියල් කෝටි 800ක වංගුව ගැන ඇමති නොදනී…මට ටෙලිකොම් පාලනය කරන්න බෑ…

ටෙලිකොම් සමාගමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තීරණ ගැනිමට තමන්ට බලයක් නොමැති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ටෙලිකොම් සමාගමේ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් රුපියල් කෝටි 800කට අධික වටිනාකමින් යුත් අබලි කේබල් තොගයක් ඇමැති හරීන් ප්‍රනාන්දු ඔහුගේ හිතවත් සමාගම් දෙකකට පිරිනැමීමේ සූදානමක් පවතින බවට පසුගිය දින කිහිපයේ අන්තර්ජාලයේ පලවු වාර්තා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියා.

ටෙලිකොම් ආයතනය කොළඹ කොටස් වෙළෙඳපොළ යටතේ ක්‍රියාත්මක වන සමාගමක් බවත් ඉන් 26%ක කොටස් ප්‍රමාණයක් මැලේසියානු සමාගමක් සතු වන බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා සමාගම සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලයට මිස ඇමැතිවරයාට නොවන බව ප්‍රකාශ කල අතර ටෙලිකොම් සමාගමේ ක්‍රියාකාරකම් සඳහා නිදේශයක් හෝ ලබාදීමේ අයිතියක් තමන් සතු නොවන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ස්වාධීන කොමිෂන් සභා කාර්යක්ෂම කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින අමාත්‍යවරයා යම් සිදුවීමක් සම්බන්ධයෙන් පත්කරනු ලබන ජනාධිපති කොමිෂන් සභා හරහා පරීක්ෂණ කඩිනම් බව සිතන්නේ නම් කොමිෂමක් පත් කිරීමට කටයුතු කරන ලෙසද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉල්ලා සිටියේය.

පසුගිය කාලයේ දී ටෙලිකොම් ආයතනය වෙතින් දුරකතන සම්බන්ධතා ලබාදීමට අති විශාල රැහැන් තොග භාවිත කළද වර්තමාන තාක්ෂණ දියුණුවත් සමග එම භාවිතයන් අවම වී ගොස් ඇති හෙයින් ටෙලිකොම් ආයතනය සතු තඹ රැහැන් අළෙවි කිරීමට තීරණය කළ බවත් ඒ සඳහා ආයතනයේ පිළිගත් ක්‍රමවේදය අනුගමනය කළ බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ මෙහෙයුම් සාමාන්‍යාධිකාරි ලයනල් ඉඹුලාන එහිදි අනාවරණය කළා..

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනුයේ වත්මන් ජනාධිපති සොහොයුරු කුමාරසිංහ සිරි‍සේනයි.

ටෙලිකොම් මුල්‍ය වංචාව 

ටෙලිකොම් සමාගමේ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් රුපියල් කෝටි 800කට අධික වටිනාකමින් යුත් අබලි කේබල් තොගයක් ඇමැති හරීන් ප්‍රනාන්දු ඔහුගේ හිතවත් සමාගම් දෙකකට පිරිනැමීමේ සූදානමක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය අනාවරණය කරයි.

මහ බැංකු බැඳුම්කර වංචාවට එරෙහිව අත් දෙකම ඔසවන බවට ප්‍රකාශ කරන ඇමැති හරීන් ප්‍රනාන්දු මේ සිදු කිරීමට යන්නේ එකී වංචාවට නොදෙවැනි වංචාවක් බව එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසයි.

රංජිත් විතානගේ මහතා පවසන්නේ 2017 ජූලි (13දා) වැනි දින ටෙලිකොම් සමාගම විසින් එම අබලි කේබල් තොගය විකිණීමට අංක ඹ්/0178/2017 යටතේ ටෙන්ඩර් කැඳවූ අතර අංක ඹ්/0253/2017 ටෙන්ඩර් කැඳවීම යටතේ ආරක්‍ෂක තැන්පතුව ලක්‍ෂ 100ක් බවයි.

කෙසේ නමුත් ටෙන්ඩර් අංක ඹ්/0253/2017 යටතේ අදාළ අබලි කේබල් තොගයේ ආරක්‍ෂක තැන්පතුව සටහන් වී තිබුණේ රුපියල් ලක්‍ෂ පහක් බවත් ටෙන්ඩර්පත් නිකුත් කළ පසුව එහි වටිනාකම රුපියල් 50,000ක් ලෙස ටෙන්ඩර්කරුට දන්වා ඇති බවත් පවසන විතානගේ මහතා චෝදනා කළේ මෙමඟින් ටෙලිකොම් සමාගම අමු අමුවේ ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය උල්ලංඝනය කර ඇති බවයි.

ඒ මහතා පවසන්නේ අදාළ ටෙන්ඩරය විවෘත කර පරීක්‍ෂා කර බැලීමෙන් පසුව එය අවලංගු කර නැවත භාරදීමක් එහි සිදුව ඇති බවත් එවැනි ආකාරයට ටෙන්ඩරයක් නැවත ලබා දෙනවා නම් එය මුද්‍රා සහිතව තිබිය යුතු බවත්ය.

එහිදී ටෙන්ඩර්පත් කැඳවීම හරහා විකිණීමට සූදානම් අබලි කේබල් තොගයේ ප්‍රමාණය සඳහන් නොකර තිබීම එම වංචාව හොඳින් සනාථ කරන බව හෙතෙම පවසයි.ඔහු වැඩිදුරටත් පැවැසුවේ එම අබලි කේබල් තොගය පිළිබඳ නිසි සටහන් ටෙලිකොම් සමාගම සතු වන අතර ඒවායේ බර සඳහන් නොකිරීම හරහා එවැනි විශාල වංචාවක් සිදුකිරීමට හැකි බවයි.

Harin Fernando

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *