Home / Featured / නුසුදුස්සන් රටේ වැදගත් ආයතනයන් සඳහා පත් කිරිම හරහා අප්‍රසාදය ලක්වන්නේ රාජ්‍ය නායකයායි -රටක නීතිය දේශපාලන බලය ඉදිරියේ දුර්වල නොවිය යුතුය

නුසුදුස්සන් රටේ වැදගත් ආයතනයන් සඳහා පත් කිරිම හරහා අප්‍රසාදය ලක්වන්නේ රාජ්‍ය නායකයායි -රටක නීතිය දේශපාලන බලය ඉදිරියේ දුර්වල නොවිය යුතුය

පසුගිය සමයේ රටට විශාල සේවයක් කල හිටපු ජනාධිපතිතුමා පවා අප්‍රසාදයට ලක්වුයේ රටේ වැදගත් ආයතනයන් සඳහා පත් කල ඇතැම් නුසුදුස්සන් නිසා බව අපගේ හැඟීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලිපියක් යොමු කරමින් යුක්තිය උදෙසා කාන්තාවෝ අවධාරණය කර සිටි.

රටක නීතිය දේශපාලන බලය ඉදිරියේ දුර්වල නොවිය යුතුය. එය සුපැහැදිලි අර්ථයක් “යහපාලනය” උදෙසා ලබා දෙනු ඇති බවයි එම ලිපිය හරහා අවධාරණය කර ඇත්තේ.

8, අගෝස්තු 2017

අතිගරු ජනාධිපති

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා

ජනාධිපති ලේඛම් කාර්යාලය

කොළඹ 01

අතිගරු ජනාධිපතිතුමනි,

මහා බැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳව ජනාධිපති කොමිසමේ අවධානය යොමු විය යුතු පුද්ගලයින් කීපදෙනෙක් පිළිබඳව අප සංවිධානය මෙසේ ඔබතුමා වෙත අවධාරණය කරන්නෙමු.

ඔබ විසින් පත් කරන ලද ජනාධිපති කොමිසම නොවන්නට මෙම වංචාව යට ගැසී යාමට ඉඩ ප්‍රස්තාව පැවති බව අපගේ අදහසයි. රාජ්‍ය මුදල් හා දේපල සම්බන්ද දූෂණ වංචනිකව යට ගැසීමට ප්‍රයත්න දරන සියලුම දේශපාලනඥයින් සහ නිලධාරීන් වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගයම ගන්නා ලෙස අප ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. අප සංවිධානය මෙම කාරණය උදෙසා ඔබ හා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර මෙහිදී මෙම වංචාවට සම්බන්ධ කීප දෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු ගෙන හැර පෑමට අප කැමැත්තෙමු.

භාණ්ඩාගාර බැදුම්කර සිද්ධියට අදාලව විමර්ශනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා වුයේ ගාමිණී පිටිපන මහතා වන අතර මහේෂ් කළුගම්පිටිය සහ චන්දිමාල් මෙන්ඩිස් යන මහත්වරු එහි සෙසු සාමාජිකයන්ය. ඔවුන්හට එකී සිද්ධියේ විමර්ශනය සඳහා බලය පවරන ලදී.

අප තරයේ විශ්වාස කරන්නේ එකී කොමිටිය පත් කල යුතුව තිබුනේ ගරු ජනාධිපතිවරයා විසින් මිස අගමැතිවරයා විසින් නොවන බවයි. මන්ද, මහබැංකුවේ අධිපතිධූරය සඳහා විදේශිකයෙක් පත් කිරීමත්, මුදල් විශුද්ධිකරණ නඩුවක චූදිතයෙක් වූ රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යධූරයට පත් කිරීමත් හේතුවෙන් අගමැතිවරයා පිලිබඳ ජනතා විශ්වාසය ඒ වනවිටත් පලුදු වී තිබුණි. අප විශ්වාස කරන්නේ රජයට බැදුම්කර සිද්ධිය පිළිබඳව සැබෑ පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය වුයේ නම් එම අවස්ථාවේ රජයට සිදුකල යුතුව තිබුනේ මූල්‍ය වෙළඳපල පිලිබඳ විශේෂඥයින්, විශ්‍රාමලත් බැංකු නිලධාරීන්ගෙන්, විගණන සමාගමක ප්‍රධානියෙක්, මූල්‍ය පර්යේෂණයන් පිළිබඳව ප්‍රගුණ කල පොලිස් නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මිස ඉහත සදහන් පරිදි වංචා යට ගැසීම් සිදු කරන නිර්ලජ්ජිත ආකාරයට නොවන බවයි.

කෝප් උප කමිටුවේ ඇතැම් සාමාජිකයන් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඔවුන්ට ඕනෑ පරිදි ඇතැම් වැදගත් වගන්ති වෙනස් කරනු හෝ ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තු වූ අතර එම වාර්තා විගණකාධිපතිවරයා විසින් අතිශයින් තීරණාත්මක ඒවා යයි පිළිගෙන තිබුනද එම වාර්තා ඔවුන් විසින් පිළිගත නොහැකි බවක් සඳහන් කළා පමණක් නොව පාද සටහන් දක්වමින් මන්ත්‍රීවරුන් වන සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා සහ හර්ෂ ද සිල්වා යන මහත්වරු කෝප් කමිටු වාර්තාව දෝෂ සහිත බවක් ආරෝපණය කල බව රටම දන්නා කරුණකි.

සුජීව සේනසිංහ අමාත්‍යවරයා සාමාන්‍ය සීමවෙනුත් ඔබ්බට යමින් කමිටු වාර්තාව කතානායකවරයාට පිළිගන්වනතුරු  එම වාර්තාව උපුටා දැක්වීම හෝ මාධ්‍ය මගින් ප්‍රචාරණය කිරීම නවතා වාරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කල බව රටම දන්නා නමුත් අමතක වූ කරුණකි.

අප ඉහත සඳහන් කරන ලද අගමැතිතුමා විසින් පත්කරන ලද කමිටු සාමාජික නීතිඥයන් තිදෙනා අනුකමිටු වාර්තාව සහ විගණකාධිපතිවරයාගේ වාර්තාව අභියෝගයට ලක්කළ නි. අමාත්‍යවරුන් තිදෙනා සහ කිසිඳු ඇපකරයක් නොමැතිව විශාල මුදලක් මෙම ප්‍රශ්න සහගත සමාගමට අනුමත කල අදාළ බැංකු සභාපතිවරුන්ද කොමිසම හමුවේ ප්‍රශ්න කරනු ඇතැයි අප විශ්වාස කරමු.

මෙම පරීක්ෂණ විධිමත් වීමටත්, දේශපාලනික බලපෑම් වලින් තොරව ගෙනයාම සඳහා මීට අදාළ දේශපාලඥයින් සියලු දෙනාම තනතුරු වලින් ඉවත් කිරීමටත් ඉහත සඳහන් කල නිලධාරීන් තිදෙනාත් මෙතරම් විශාල මුදල් ඇපකරයක් හෝ කිසිඳු වගකීමක් නොමැතිව අනුමත කල අදාළ බැංකු සභාපතිවරුන්ද ඔබතුමා විසින් මෙම කොමිසම වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. පසුගිය සමයේ රටට විශාල සේවයක් කල හිටපු ජනාධිපතිතුමා පවා අප්‍රසාදයට ලක්වුයේ රටේ වැදගත් ආයතනයන් සඳහා පත් කල ඇතැම් නුසුදුස්සන් නිසා බව අපගේ හැඟීමයි.

රටක නීතිය දේශපාලන බලය ඉදිරියේ දුර්වල නොවිය යුතුය. එය සුපැහැදිලි අර්ථයක් “යහපාලනය” උදෙසා ලබා දෙනු ඇත.

ස්තුතියි

යුක්තිය උදෙසා කාන්තාවෝ

Women for justice

ශර්මිලා ගොනවෙල

සාවිත්‍රි ගුණසේකර

දිනුෂා පෙරේරා

වෛද්‍ය ඉන්ද්‍රානි සේනාරත්න

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *