Home / Featured / ගියොත් රවී ….පායයි මාරපන….රවී කැබිනට්ටුව මගහරි…රවී යනවාද? නැද්ද? තින්දුව අද!

ගියොත් රවී ….පායයි මාරපන….රවී කැබිනට්ටුව මගහරි…රවී යනවාද? නැද්ද? තින්දුව අද!

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකට සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බල කරන ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙතින් අද (09) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදි ඉල්ලා තිබේ.

මෙම සාකච්ඡාව කැබිනට් රැස්වීමට පෙර ජනාධිපති කාර්යාලයේදි සිදු වූ අතර එහිදි නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ, නිදහස් පක්ෂයේ හා ආණ්ඩුවේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම රවී කරුණානායකගේ වගකීමක් වන බවයි.

අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමට අමාත්‍ය රවි කරුණානායක සහභාගි නොවු බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් අගමැති වික්‍රමසිංහ, අමාත්‍ය රවි කරුණානායක හා අමාත්‍ය රාජිත සේනාරත්න ජනාධිපති ලේකම් කාර්යාල පරීශ්‍රයේ රැදි සිටින ආකාරය ද දක්නට ලැබුණි.

එමෙන්ම ඊයේ (08) රාත්‍රියේ ජනාධිපතිවරයා හමු වූ නිදහස් පක්ෂ අමාත්‍යවරුන් රවි කරුණානායක සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගන්නා ලෙසට ඉල්ලා ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිගේ තීරණය ඉදිරි දින කිහිපය තුළදී ලබා දීමට ජනාධිපතිවරයා විසින් එකඟ වූ බවටත් වාර්තා වේ.

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර පවසා සිටියේ පිරිසිදු ආණ්ඩුවක් වෙනුවෙන් වන ජනතා අභිලාෂය ඉටුකරමින් රටට හොද දෙයක් නුදුරු අනාගතයේ සිදු වනු ඇති බවට විශ්වාස කළ හැකි බව ය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක අතර ඊයේ (09) දහවල් විශේෂ හමුවක්‌ සිදුවී ඇති අතර ඒ අනුව අද (10) බොහෝදුරට සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විමට රවි කටයුතු කරනු ඇති බවයි එම ආරං මාර්ග සදහන් කළේ.

මේ අතර හිටපු මුදල් අමාත්‍ය මෙන්ම වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්වන බවත් එම අමාත්‍ය ධුරය සඳහා තිලක් මාරපන අමාත්‍යවරයා පත් කිරීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *