Home / Featured / රවී යහපාලනයට ආදර්ශයක්, කෝ රාජපක්ෂලට පුළුවන් උනාද ඉල්ලා අස්වෙන්න – මාධ්‍යයත් අපි දීපු නිදහස අරගෙන අපිටම හොරු කියනවා

රවී යහපාලනයට ආදර්ශයක්, කෝ රාජපක්ෂලට පුළුවන් උනාද ඉල්ලා අස්වෙන්න – මාධ්‍යයත් අපි දීපු නිදහස අරගෙන අපිටම හොරු කියනවා

විදේශ කටයුතු අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීම මගින් රවි කරුණානායක මන්ත්‍රිවරයා ආදර්ශයක් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැතිවරයා පවසා සිටියේ පසුගිය රාජපක්ෂ රෙජිමයේ කිසිදු මැති ඇමතිවරයෙකු ඔවුනට එරෙහිව බරපතළ ගණයේ චෝදනා එල්ල වූවද ඉල්ලා අස්වීමට තරම් යුක්තිගරුක නොවූ බවයි.

අපක්ෂපාතී විමර්ශනයකට ඉඩ දෙමින් කරුණානායක මන්ත්‍රිවරයාගේ ඉල්ලා අස්වීම, වර්තමාන රජයේ යහපාලනයක් ඇති කිරීම වෙනුවෙන් ඇති කැපවීම පෙන්වන බවයි අගමැතිවරයා පවසා සිටියේ.

එසේම අද වන විට චෝදනා නිර්මානය කරමින් ක්‍රියාකරන මාධ්‍ය විසින් භුක්ති විදින්නේ ද රට තුළ පැතිරි පවතින සාමකාමි වාතාවරණයේ වාසිය බවත් අගමැතිවරයා සඳහන් කළේය.

“මට මුණ ගැසිලා මට කිව්ව තනතුරෙන් ඉවත්වන බව. මම හිතන්නේ අපි අලුත් සම්ප්‍රදායක් ඇති කළා. වැරදි කළ අය අයින් වෙන්න ඕන. අද පරීක්ෂණයට ආණ්ඩුව ඇඟිලි ගහන්නේ නෑ කියලා උදාහරණයක් ලබාදී තිබෙනවා. අපිට විශ්වාසභංගය ක්‍රියා නොකලට ,එදා හොරු ක්‍රියා කළේ කොහොමද? කොහෙද එදා ඇමතිවරු කොමිෂකට ගියා කියලා ඉවත් වුණේ.අලුත් සංස්කෘතියක් ඇති කළා. අපි හොරු තියාගන්නේ නෑ.මම කාටවත් චෝදනා කළේ නෑ. එල්නැලිගොඩ උස්සගෙන ගියා. රවී කරුණානායක මන්ත්‍රීතුමා තහනම් නියෝග ගත්තේ නෑ. යහපාලනයේ වෙනස මෙයයි. අද මාධ්‍යයට නිදහස තිබෙනවා. එදා අපිට කිව්ව දෝහීන් කියලා. එදා මාධ්‍යයෙන් ඉඩ දුන්නේ නෑ. දැන් හැමෝටම හොරා කියනවා. අද තියෙන්නේ නිදහස් සමාජයක්. මෙය අලුත් යුගයක්.යහපාලනය ඇති කර පෙන්වා දී තිබෙනවා.මේ සභාව අලුත් සම්ප්‍රදයක් ඇති කළා ඒ ගැන අප ආඩම්බර වෙනවා,” අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Check Also

ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ වහාම මහනායක හිමියන්ට දෙනවා

ව්‍යවස්ථාව පිළිබඳ අනු කමිටුව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල ව්‍යවස්ථාදායක සභාව සඳහා පමණක් බවත් එය සභාවේ ...