රාජපක්ෂලාගේ සමිපතමයෙකු සිරිසේන ඩැහැගනී…-අනුර විදානගමගේ සෞඛ්‍ය ඇමති ලෙස දිවුරුම් දෙයි..

0

ඌව පළාත් නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස අනුර විදානගමගේ ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.ඌව පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කුමාරසිරි රත්නායක එම තනතුරින් ඉවත් කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කල අතර එම පුරප්පාඩුව සදහා අනුර විදානගමගේ පත්කල අතර ඔහු අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනපති ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

මහියංගනයේ ආණ්ඩුවේ ඉඩම් අයථා ලෙස පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රී අනුර විදානගමගේගෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජනාධිපති විමර්ශන කොමිසමට කැදවා තිබුනද අවස්ථා කිහිපයකමදි ඔහු කොමිසම මගහැර ගියා.

පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති වත්මන් ජනාධිපතිවරයා විසින් අනුර විදානගමගේ මහියංගණය ආසනයෙන් ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමටද කටයුතු කල අතර අනුර විදානගමගේ සිරිසේන ජනාධිපතිවරයා විවේචනය කරමින් කියා සිටියේ තමන්ගේ මල්ලී (පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගම) මහින්ද රාජපක්ෂ සමග සමිපව කටයුතු කිරිම හේතුවෙන් තමන්ගේ සංවිධායක කම ඉවත් කිරිමට කටයුතු කල බවයි.

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ දේශපාලන බලයෙන් හිස උදුම්මාගෙන සිටින අනුර විදාන ගමගේ මන්ත්‍රීවරයා බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයට අයත් ඉඩමට ඇතුල් වී එම ඉඩමෙන් කොටසක් කම්බි ගසා වෙන් කර තම පවුලට අත්පත් කර ගත් බවට චොදනා එල්ල වු අයෙකි.

Anura Vidanagamage