Home / Featured / බැඳුම්කර වංචාවක් කියන එක මට තාම තේරෙන්නෙත් නෑ…ආණ්ඩුව මාරු උනාට රාජ්‍ය මාරු වෙලා නෑ …රවිගේ දේවල් මාසයෙන් හෙව්වා…ගෝඨාගේ ඒවා අවුරුදු දෙකකට වැඩි තාම නෑ

බැඳුම්කර වංචාවක් කියන එක මට තාම තේරෙන්නෙත් නෑ…ආණ්ඩුව මාරු උනාට රාජ්‍ය මාරු වෙලා නෑ …රවිගේ දේවල් මාසයෙන් හෙව්වා…ගෝඨාගේ ඒවා අවුරුදු දෙකකට වැඩි තාම නෑ

බැඳුම්කර වංචාවක් යනු කුමක්ද යන්න තමන්ට තවමත් තේරෙන බව කැබිනට් තීරණ දැනුම්දීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (10) පැවැති මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත් සේනාරත්න පවසයි.

“බැඳුම්කර වංචාවක් කියන එක මට තාම තේරෙන්නෙත් නෑ. ආර්ථික විශේෂඥවරුන් කියන්නේ බැඳුම්කර වලට ආයෝජනය නොකරපු කට්ටියට හරි අමාරුයි මේක විශ්ලේෂණය කරන්න. මම කියන්නේ ටෙලිෆෝන් ඔක්කොම හොයා ගත්තා කියමු කතාකරපුවා. ඒකෙන් කොහොමද කියන්නේ බැඳුම්කර ගණුදෙනුව හරිද, වැරදිද, මෙතන වංචාවක් උනාද, වාසියක් උනාද කියන එක. අපිට ඕන මේ බැඳුම්කරේ ඇත්ත තත්ත්වය හොයලා සුවිශේෂී වාර්තාවක් ඉදිරිපත් කරන්න. ඒක උපදේශක මට්ටමේ වාර්තාවක් විය යුතුයි. එහෙම නම් මේ කරන්නේ මොකද්ද”

“නීතිපති දෙපාර්තමේන්තුවට පුළුවන් උනා මේ ඇමතිවරයාගේ දේවල් මාස කිහිපයකින් හොයා ගන්න. දැන් ගෝඨාභය රාජපක්ෂගේ අත්සන හොයාගන්න දැන් අවුරුද්දකට වැඩියි. කවුද මේ සාක්ෂි දෙන්නේ රජයේ ඇමතිවරයෙක්. එතකොට රජයේ නීතිඥවරයෙක් රජයේ ඇමතිවරයෙක්ගෙන් ප්‍රශ්න කරන කොට අවේගශීලි වෙන්න එපා කියන තැනට කොමසාරිස්වරුන් කියන තැනට පත්වෙන්නේ කොහොමද? රජය දාලා තියෙන්නේ එක එක්කෙනාට එක එක කතා දාල මාධ්‍යයට ලස්සන කතා සපයන්න නෙමෙයි නේ. අපිට තියනවා විශාල ප්‍රශ්නයක් නීතිපති දෙපාර්තමේන්තුව දීර්ඝකාලයක් මේ ෆයිල් ටික තියාගෙන හිටපු එක ගැන. ගිය ආණ්ඩුවෙන් කරපු ඒවා තාම නෑ උසාවි ගෙනල්ලා. මම ඒකනේ හැමදාම කියන්නේ ආණ්ඩුව මාරු උනාට රාජ්‍ය මාරු වෙලා නෑ කියලා,”

Check Also

ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ වහාම මහනායක හිමියන්ට දෙනවා

ව්‍යවස්ථාව පිළිබඳ අනු කමිටුව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල ව්‍යවස්ථාදායක සභාව සඳහා පමණක් බවත් එය සභාවේ ...