Home / Featured / ආණ්ඩුවේ ඉන්නවාද?නැද්ද? සුසිල් දෙගිඩියාවෙන්…ආණ්ඩුව මේ යන විදියට ගියොත් කච්චතිව් දූපතත් විකුණලා දායි

ආණ්ඩුවේ ඉන්නවාද?නැද්ද? සුසිල් දෙගිඩියාවෙන්…ආණ්ඩුව මේ යන විදියට ගියොත් කච්චතිව් දූපතත් විකුණලා දායි

සම්මුතිවාදි ආණ්ඩුවේ රැදි සිටිනවාද යන්න පිළිබඳව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් අපි ඉතා පැහැදිලිව ජනාධිපතිතුමාට කරුණු කිව්වා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු සියළුදෙනාම ඊයේ පෙරවරුවේ අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළා අපගේ ස්ථාවරය සම්බන්ධයෙන, මම හිතන්නේ ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඊයේ දහවල් ඒ පිළිබඳව සාකච්ඡා කරලා තියනවා. මේ වගේ සිදුවීම් තව තව එයි ඉස්සරහට ළග ළගම. මගේ මතය නම් කොමිසමේ ඉදිරිපත් වෙච්ච කරුණු රවී කරුණානායක මහතාගේ සාක්ෂියෙන් තහවුරු වෙලා තියනවා. සමහර කරුණු සම්බන්ධයෙන් බැලු බැල්මට පේනවා ආණ්ඩුවේ යහපාලනයක් නෑ. ආණ්ඩුවේ ඉන්නවද  කියන එක ගැන අපි පක්ෂක් විදියට තීන්දුවක් ගන්නවා.”

“සයිටම් ප්‍රශ්ණය ගැන මගේ මතය වෙනස්. දැන් මොනවා කළාටද වෛද්‍ය සිසුන් 6500ක් දැන් මාස 6 ක් තිස්සේ දේශන වලට යන්නේ නැතුව මහපාරේ ඉන්නේ. දේශපාලඥයෝ ඉන්නේ සිසුන්ව මහපාරේ ඇවිද්ද වන්න නෙමෙයි. සයිටම් වහලා හරි ප්‍රශ්නය විසදන්න ඕන “

“විකුණනවා කිව්වා නම් ඡන්දේ දිනන්න වෙන්නෙත් නැහැ. නොකියා ආවට මේක විකුණන ආණ්ඩුවක්. රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය කරගන්න බැහැ. එන්නෙම අපි මේක විකුණනවා කියලා කියාගෙන. ආණ්ඩුව මේ යන විදියට ගියොත් කච්චතිව් දූපතත් විකුණලා දායි.”

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලනයට සම්බන්ධ වුණේ නැහැ. කොහොම වුණත් මම නම් සම්බන්ධ වුණේ නැහැ. යහපාලනය ඇති වෙන්නේ 2015 වසරේ ජනවාරි 8 වැනි දා. අපි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඉන් පසු අගෝස්තුවේ. අපි මැතිවරණයට ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිත් එක්කයි. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එක්ක.”

Susil Premajayantha

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *