නව දේශීය ආදායම් පනතෙන් විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්ට කණේ පහරක්!-විදේශගත ශී‍්‍ර ලාංකිකයින් ලක්‍ෂ 30කට බදු පොල්ලක්

0

ආණ්ඩුවේ නව දේශීය ආදායම් පනතෙන් විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්ට බරපතළ විදිහට බදු පනවා ඇති බව එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරනවා. අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සුනිල් හඳුන්නෙත්ති සදහන් කළෙ විදේශිකයින්ට 15% 30% දක්වා බදු සහන දෙන ආණ්ඩුව ලංකාවේ පුරවැසියන් ආයෝජන ගේනකොට බදු ගහන බවයි.

ආණ්ඩුව යෝජනා කර තිබෙන නව දේශීය ආදායම් පනත 2017 අපේ‍්‍රල් මාසයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි තමයි ගෙන ඒමට යෝජනා කර තිබෙන්නේ. එමගින් විදේශගතව රැකියා කරන ව්‍යාපාර කරන කර්මාන්ත කටයුතුවල නිරත වන ශී‍්‍ර ලාංකිකයින්ට ඔවුන් මෙරටට එවන විදේශ මුදල් මත බරපතළ විදිහට බදු පැනවීමට යෝජනා කර තිබෙනවා. එම නිසා මේ වනවිට විශාල ප‍්‍රශ්න ගණනාවක් මතුවී තිබෙනවා.

අපේ රටට විදේශ විනිමය ලැබෙන ප‍්‍රධාන ආදායම් මාර්ගය තේ, රබර්, පොල් අපනයනය හෝ සංචාරක කර්මාන්තය හෝ ඇඟළුම් නිෂ්පාදන නොවේ. ප‍්‍රධාන විදේශ විනිමය මාර්ගය වන්නේ, විදේශගත ශී‍්‍ර ලාංකිකයින් එවන මුදලය. මේ වනවිට ඔවුන් එවනු ලබන මුදල් ප‍්‍රමාණය වර්ෂයකට ඩොලර් බිලියන 07ක් පමණ වෙනවා. එම ඩොලර් බිලියන 07 ලංකාවට නොලැබුණහොත් අපේ රටේ ආර්ථිකය කොහෙද තිබෙන්නේ කියලා දන්නේ නැහැ. ලංකාවට හිමි විදේශ සංචිත ප‍්‍රමාණය ආණ්ඩුව පවත්වාගෙන යාමට ප‍්‍රමාණවත් නොමැති නිසා අද අපි විශාල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා තමයි ආණ්ඩුව හම්බන්තොට වරාය වගේ අපේ රටේ සම්පත් විකුණන්නේ. හම්බන්තොට වරාය විකුණලා අපිට ලැබෙන්නේ ඩොලර් බිලියන 01යි. ඒ, වසර 99කටයි. නමුත් විදේශගත ශ‍්‍රමිකයින් වර්ෂයකට එවන මුදල් ප‍්‍රමාණය ඊට වඩා වැඩියි.

මේ වනවිට විදේශ රැකියා කරන ශී‍්‍ර ලාංකිකයින් ලක්‍ෂ 30කට අධික ප‍්‍රමාණයක් ඉන්නවා. ඔවුන් තමයි අද අපේ රටේ ආර්ථිකය පවත්වාගෙන යන්නේ. ඔවුන් එවන විදේශ මුදල් නිසා තමයි මේ තරමට හරි අපේ රටේ සම්පත් විකුණන එක නතර වෙලා තිබෙන්නේ. ඒ නිසාම තමයි ඔවුන්ට රට විරුවන් කියලා ආමන්ත‍්‍රණය කරන්නේ. යුද්ධයෙන් අපේ රට බේරාගත්ත නිසා ති‍්‍රවිධ හමුදාවට රණ විරුවන් කියලා ආමන්ත‍්‍රණය කරන ආකාරයටම අපේ රට ණය වීමෙන් බේරාගත්තු නිසා විදේශගත ශ‍්‍රමිකයින්ට රට විරුවන් කියලා කියනවා. ඔවුන් තමන්ගේ පවුලේ ඥාතීන්ට, දරුවන්ට, බිරිඳට මුදල් එවනවා වෙන්න පුළුවන්. නමුත් විදේශගත ශ‍්‍රමිකයින් එක් මාසයක් පමණක් අපේ රටට මුදල් එව්වේ නැත්නම් අපේ රටේ ආර්ථිකය නතර වෙනවා.

දැන් මේ ආණ්ඩුව විදේශගත ශ‍්‍රමිකයින් ලංකාවට එවන මුදල් මත බදු අයකරන්න යෝජනා කර තිබෙනවා. මෙතෙක් කල් ඔවුන්ට ලැබුණු සියලූම බදු සහන අහෝසි කොට තිබෙනවා. මේ බදු පනතේ විශේෂයෙන් සඳහන් කරලා තිබෙනවා වෘත්තිකයින් ඔවුන් උපයන ආදායම මත බදු අයකරගත යුතුයි කියලා. යුරෝපයේ බොහෝ රටවල අපේ රටේ වෘත්තිකයින් විශාල ප‍්‍රමාණයක් සේවය කරනවා. ඔවුන්ට බදු සහන දීලා දිරි ගන්වනවා වෙනුවට ඔවුන් අධෛර්යයට පත්කරන බදු පනවන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. එසේ කරන ආණ්ඩුව විදේශිකයින් මෙරටට පැමිණ සේවය කොට විදෙස් මුදලින් ලබන වැටුප ආදායම් බද්දෙන් නිදහස් කොට ඔවුන්ට සහන ලබාදී තිබෙනවා. ආණ්ඩුව හරිනම් කළ යුත්තේ ලංකාවෙන් එළියට ගිය වෘත්තිකයින් ගෙන්වා ඔවුන්ට සහන ලබාදීමයි. නමුත් ආණ්ඩුව කරන්නේ විදේශිකයින්ට බදු සහන ලබාදීමයි. ඒ නිසා තමයි මේ පනත විහිළුවක් කියලා අපි කියන්නේ. ලංකාවෙන් එළියට ගියත් ශී‍්‍ර ලාංකිකයන් අපේ රටට ආදරෙයි. ඔවුන් අනිවාර්යයෙන් තමන්ගේ ඥාතීන්ට මුදල් එවනවා. ඒ නිසා තමයි ආණ්ඩුව ඔවුන්ගෙන් බදු අයකරගන්න හදන්නේ.

මේ ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගය වෙලා තිබෙන්නේ ලංකාව විදේශිකයින්ට උකස් කරන එකයි. ආණ්ඩුවේ මෙම අලූත් දේශීය ආදායම් බදු පනත එට්කා ගිවිසුම හා සම්බන්ධයි. විදේශිකයින්ට ලංකාවේ සේවය කරන්න අවස්ථාව ලබාදෙන එකයි එට්කා ගිවිසුමෙන් කරන්නේ. ආණ්ඩුව නව බදු පනත මගින් එයට අවස්ථාව හදලා දෙනවා. ආණ්ඩුව හම්බන්තොට වරාය විකුණන වෙලාවේ කිව්වේ රැකියා අවස්ථාව විශාල ප‍්‍රමාණයක් ලැබෙනවා කියලයි. නමුත් එම රැකියා අවස්ථා ලංකාවේ පුරවැසියන්ට ලැබෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඒවා ලැබෙන්නේ චීනයේ පුරවැසියන්ට හෝ වෙනත් විදේශ රටවල ශ‍්‍රමිකයින්ට. එතකොට එම විදේශ ශ‍්‍රමිකයින්ට බදු සහන දෙන්න තමයි ආණ්ඩුව මේ බදු පනත හරහා කටයුතු කර තිබෙන්නේ. ලංකාවට එන එකම ආදායම විදේශිකයින්ට බදු පනවන එකයි. නමුත් ආණ්ඩුව ඒ ආදායමත් අහිමිකරගෙන තිබෙනවා.

ඒ වගේම විදේශගත ශ‍්‍රමිකයින් ලංකාවේ ආයෝජනය කරනවානම් එම ආයෝජන සඳහාද බදු අයකරන්න මේ ආණ්ඩුව යෝජනා කරලා තිබෙනවා. ආණ්ඩුව එක පැත්තකින් කියනවා ආයෝජන නැහැ කියලා. නමුත් ලංකාවේ පුරවැසියන් ආයෝජන ගේනකොට බදු ගහනවා. විදේශිකයින්ට 15% 30% දක්වා බදු සහන දෙනවා. ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය මොකක්ද කියලා අපි අහනවා. මේ ආණ්ඩුව කටයුතු කරන්නේ විදේශිකයින් වෙනුවෙන්ද ලංකාවේ පුරවැසියන් වෙනුවෙන්ද කියලා අපිට ප‍්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේක බරපතළ අසාධාරණයක් සහිත බදු පනතක් කියලා. ශේ්‍්‍රෂ්ඨාධිකරණය විසින් යම් යම් සංශෝධන ගෙනත් තිබුණත් විදේශිකයින්ට බලපාන වගන්තිවලට කිසිදු සංශෝධනයක් ගෙනල්ලා නැහැ. ඒ නිසා මේ බදු පනත පරාජයට පත්කළ යුතුයි. ඒ වෙනුවෙන් විදේශගත ලාංකිකයින් සමඟ අපි කටයුතු කරන්න සූදානම්. ආණ්ඩුව මේ පනත හකුළා ගත්තේ නැත්නම් විදේශගත ශ‍්‍රී ලාංකිකයින් ලෙස ඒ ඒ රටවල්වල තානාපති කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ දියත් කරන එක විදේශගත ශ‍්‍රමිකයින් මේ රටට මුදල් එවන එක ගැන සලකා බලන්න පුළුවන්. විදේශගත ශ‍්‍රමිකයින් ලෙස ආණ්ඩුවට කළ හැකි උපරිම බලපෑම කරන්න එතෙර අපි සංවිධානය කටයුතු කරනවා.

ඒ වගේම තවත් කරුණු ගණනාවක් පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමුකරන්න කැමතියි. විදේශගත ලාංකිකයින් ඒ ඒ රටවල්වලදී මුහණ දෙන හදිසි අවස්ථාවන්වලදී ඔවුන්ට සහන ලබාදෙන විවිධ ආයතන තිබෙනවා. නමුත් ඔවුන් සංවිධානගත වී විවිධ අරමුදල් පිහිටුවා තිබෙනවා. නමුත් ආණ්ඩුව නිකුත් කළ චක‍්‍රලේඛයක් නිසා එවැනි සුභසාධන ගිණුම්වල මුදල් ආපසු ලබා ගැනීමට විශාල බාධාවක් ඇතිකොට තිබෙනවා. හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් සුභසාධන ගිණුමෙන් මුදල් ලබාගැනීම විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් තානාපති කාර්යාලවලින් අවසර ලබාගත යුතු බවට අලූත් නීතියක් ගෙන ඒමෙන් විදේශගත ශ‍්‍රමිකයන් විශාල ගැටලූවකට මුහුණ දීලා තිබෙනවා. කටාර් වැනි රටකදී එරට තිබෙන නීතිරීති නිසා මෙවැනි සුභසාධන අරමුදල් පවත්වාගෙන යාමට සිදුව තිබෙන්නේ තානාපති කාර්යාලයේ. එම නිසා ආණ්ඩුවේ මෙම චක‍්‍රලේඛය සුභසාධන අරමුදල් පවත්වාගෙන යාමට විශාල බාධාවක් වෙලා තිවෙනවා. කර්මාන්ත ශාලාවල සිදුවන අනතුරු නිසා ඇතැම් සේවකයින් බරපතළ ප‍්‍රශ්නවලට මුහුණ දෙනවා. එවැනි අවස්ථාවල සේවකයින් විසින්ම පවත්වාගෙන යනු ලබන අරමුදල් තමයි උපකාරී වන්නේ. නමුත් දැන් එම සුබසාධන මුදල් සෘජුව ගන්නවා වෙනුවට ආණ්ඩුවට ලියුම් ලියලා අවසර ගන්න සිදුවෙලා. මේවා ලංකා රජයේ මුදල් නෙවෙයි. සේවකයින්ගේ මුදල්. නමුත් මෙම මුදල් ඔවුන්ට ලබාගන්න බාධා ඇතිකොට තිබෙනවා.

ඒ වගේම මේ ආණ්ඩුව 2016 නොවැම්බර් මාසයේ ගෙනාපු අයවැයෙන් විදේශගත ශ‍්‍රමිකයින්ට විශ‍්‍රාම වැටුපක් හදනවා කියලා යෝජනා කළා. නමුත් අද වනතුරුත් එය කියාත්මක වෙලා නැහැ. ආණ්ඩුව ඒ වෙලාවේ කිව්වේ මුදල් ප‍්‍රශ්නයක් නැහැ, කුවේට් අරමුදලේ බිලියන 04ක් තිබෙනවා, එම මුදල් යොදලා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය ආරම්භ කරන්න පුළුවන් කියලා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සියලූ ලියකියවිලි බාරදී තිබියදී විශ‍්‍රාම වැටුප කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ. එම විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය සේවකයින්ගෙන් මුදල් අයකොට දායක විශ‍්‍රාම වැටුපක් ලෙසයි කි‍්‍රයාත්මක වෙන්නේ. එසේ තිබියදී ආණ්ඩුව විශ‍්‍රාම වැටුපට ඇතුළත් විය හැක්කේ අවුරුදු 50ට අඩු අය කියලා සීමාවක් දාලා. නමුත් ආණ්ඩුව කළ යුත්තේ මෙවැනි සීමා දමමින් මෙය අකර්මණ්‍ය කරන එක නොවෙයි. අපි ආණ්ඩුවට කියනවා, ඊළඟ අයවැය එන්න කලින් මෙම විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය කි‍්‍රයාත්මක වන දිනය, ප‍්‍රතිලාභ, පරිපාලන ක‍්‍රමවේදය මොකක්ද කියලා රටට ඉදිරිපත් කරන්න කියලා. මෙම අයවැය යෝජනාව මැතිවරණ පොරොන්දු වගේ බොරුවක් වෙන්න ඉඩ තියන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.

ඒ වගේම ආණ්ඩුව ඇතැම් ශී‍්‍ර ලාංකිකයින් මෙරටට පැමිණ නැවත විදේස්ගත වීමේදී ගුවන්තොටුපොළේදී රු. 17,500ක දඩයක් අය කරනවා. එසේ කරන්නේ ඔවුන් කලින් සිටි රැකියාව වෙනුවට වෙනත් රැකියාවකට විදෙස්ගත වන නිසා බව ආණ්ඩුව කියනවා. නමුත් කොරියාවේදී අවස්ථා හතරකදී රැකියාව මාරු කිරීමට අවස්ථාව උදාකර දී තිබෙනවා. එසේ තිබියදී ලංකාවේ ආණ්ඩුව ශී‍්‍ර ලාංකිකයින්ගෙන් රු. 17,500ක් දඩ ගහන්නේ කුමක් නිසාද? විදේශගත ශී‍්‍ර ලාංකිකයින් විවාහයකට අවමගුලකට මෙරටට පැමිණ නැවත විදෙස් ගතවනවිට මෙවැනි විශාල මුදලක් ගුවන්තොටුපොළේදී අයකිරීම නිසා ඔවුන් බරපතළ ගැටලූවකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා මෙය වහාම නතර කරන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා.

ඒ වගේම විදේශගතව සේවය කොට මෙරට පැමිණෙන ශී‍්‍ර ලාංකිකයින්ට තම දරුවන් පාසැලකට ඇතුළත් කර ගැනීමේදී ගැටලූ ගණනාවකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. පාසැලකට ළමුන් ඇතුළත් කිරීමේදී ඔවුන්ගෙන් ස්ථිර පදිංචිය, ඡුන්ද නාම ලේඛනය වැනි ලේඛන ඉල්ලා සිටීම නිසා ඔවුන් අපහසුතාවයන්ට පත්වෙනවා. මොකද ඔවුන් වසර ගණනාවක් විදේශගතව සිටි නිසා එම ලේඛන ඉදිරිපත් කිරීම ප‍්‍රායෝගික නොහැකි වීම නිසා. ඒ නිසා අපි ආණ්ඩුවට යෝජනා කරනවා අඩුම තරමින් සෑම දිස්ති‍්‍රක්කයකම එක් ප‍්‍රධාන පාසැලක එක පංති කාමරයක් හෝ විදේශගත ශ‍්‍රමිකයින්ගේ දරුවන් වෙනුවෙන් කොට ඔවුන් පාසැලට බඳවා ගැනීමේදී ප‍්‍රමුඛතාව ලබාදෙන්න කියලා.

ඒ වගේම විදේශගත ශී‍්‍ර ලාංකිකයින් නැවත මෙරටට පැමිණීමේදී ඔවුන්ට තීරුබදු සහනය ලබගත හැක්කේ ගුවන්තොටුපොළේදී පමණයි. නමුත් ඔවුන් එන අවස්ථාවේදීම ඇතැම් භාණ්ඩ මිලදී ගැනීමට දුෂ්කරතාවයන් ඇතිවෙනවා. එම නිසා ගුවන්තොටුපොළෙන් බැහැරව තීරු බදු සහනය ලබාගැනීම සඳහා පළාත් මට්ටමින් ප‍්‍රධාන නගරවල ආයතනයක් පිහිටුවන්න කියලා. එවැනි කටයුතු ආණ්ඩුවකට කරනන බැරි දේවල් නෙවෙයි. මෙවැනි ඉල්ලීම් ප‍්‍රායෝගිකව කරන්න පුළුවන්. එම නිසා මෙම විදේශගත ශ‍්‍රමිකයින්ගේ ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු කරලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස එතෙර අපි සංවිධානය ඉල්ලනවා. එසේ නොමැති නම් මෙම ඉල්ලීම් පදනම් කරගනිමින් ආණ්වට එරෙහිව කි‍්‍රයාමාර්ග ගැනීමට සියලූම රටවල එතෙර අපි සංවිධානයේ ශාඛා කි‍්‍රයාමාර්ග ගන්නා බවට ආණ්ඩුවට අවධාරණය කරනවා.