Home / පුවත් / ආරක්ෂාව / ලසන්ත ඝාතනය කර ඇත්තේ මොට ආයුධයකින් පහරදිමෙන්!..පළමු මරණ පරීක්ෂණය බොරුවක්?

ලසන්ත ඝාතනය කර ඇත්තේ මොට ආයුධයකින් පහරදිමෙන්!..පළමු මරණ පරීක්ෂණය බොරුවක්?

සන්ඩේ ලීඩර් පුවත්පතේ සමාරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ මොට ආයුධයකින් කිහිපවරක් හිසට තදබලලෙස පහරදීමෙන් ඇති වු දැඩි තුවාලයක් හේතුවෙන් බව දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයේ සහ පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තා පරිශීලනය කිරීමෙන් පසු ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිම් ඊයේ (10) නියෝග කර තිබේ.

ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයෙන් පසු පැවැත්වූ පළමු මරණ පරීක්ෂණය එවකට කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කළ සුනිල් කුමාර නැමත්තා විසින් සිදුකර තිබිණි. ලසන්ත වික්‍රමතුංග මියයෑමට පෙර ඔහුට ශල්‍යකර්මය සිදු කළ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මොහාන් සිල්වා ලබාදුන් ප්‍රකාශයත් රස පරීක්ෂකවරයා ලබාදුන් වාර්තාවත් අනුව සුනිල් කුමාර විසින් ලබාදුන් වෛද්‍ය වාර්තාව සම්පූර්ණයෙන් පරස්පරවීම මත ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩගෙන නැවත මරණ පරීක්ෂණයක් සිදු කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් පසුගිය වසරේ සැප්තැම්බර් 08වනදා නියෝග කර තිබිණි.

ඒ අනුව එම වසරේ සැප්තැම්බර් 27වනදා එම දේහය ගොඩගත් අතර නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලදී.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පළමු මරණ පරීක්ෂණය සිදු කළ කළුබෝවිල රෝහලේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී සුනිල් කුමාර මාලඹේ සයිටම් ආයතනයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන බවද වාර්තා වේ.

නඩුව ඔක්තොම්බර් 12වනදා නැවත කැඳවීමට නියමිතය.

Lasantha Wickrematunge

Check Also

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් උතුරු නැගෙනහිරටත් ඕනෑ…., සම්බන්ධන් Greiffට කියයි

දෙමළ ජනතාවගේ ඉඩම් යනු ඔවුන්ගේ අවශ්‍යවයටත් වඩා ඔවුන්ගේ ජීවිතය හා බද්ධ වූ අතිශය සංවේදී කාරණාවක් ...