මිනීමැරුමක් ගැන හොයනකොට කසිප්පු කාරයෙක් අහුවුනා…බුදු හාමාදුරුවෝ, ක්‍රිස්තුස්වහන්සේ අපවාදයට ලක්වූයේ රවී මෙන් සොරකම් කරලා නොවේ..

1

පුද්ගලයෙක් යම් වංචාවකට හසුවුවහොත් ඔහු ඉවත් විම වංචාවට දඬුවම නොවන බවත් එම නිසා නිස්චිත පරිදි දඬුවම් ලබාදීමේ ආයතන වෙත ඔවුන්ව ඉදිරිපත් කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

“ජනතාව මත බර පටවන IMF බදු පනත එපා” යනුවෙන් දේශීය ආදායම් පොදු සේවක සංගමය විසින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයේදී මන්ත්‍රීවරයා සදහන් කලේ කොමිසම පත් කළේ බැඳුම්කර වංචාව ගැන සෙවීමට බවත් දැන් සිදුව ඇත්තේ මිනීමැරුමක් ගැන හොයනකොට කසිප්පු කාරයෙක් හසුවූවා වැනි දෙයක් බවත්ය.

බුදු හාමාදුරුවෝ, ක්‍රිස්තුස්වහන්සේ අපවාදයට ලක් වූ බැවින් තමන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් තමන් කණගාටු නොවන බව රවී කරුණානායක  පාර්ලිමේන්තුවේදී සිය ඉල්ලා අස්වීමේ කතාව සිදුකරමින් සඳහන් කළ නමුත් බුදු හාමාදුරුවෝ, ක්‍රිස්තුස්වහන්සේ අපවාදයට ලක්වූයේ රවී කරුණානායක මෙන් සොරකම් කර හසුවී නොවේ යැයිද අනුර දිසානායක සඳහන් කළේ ය.

Anura Kumara Dissanayake

1 COMMENT

Comments are closed.