Home / Featured / මල්ලි ඊයේ …අයියා අද…. මහින්ද අතහැර තේනුක විදානගමගේ මෛත්‍රී ලගට….

මල්ලි ඊයේ …අයියා අද…. මහින්ද අතහැර තේනුක විදානගමගේ මෛත්‍රී ලගට….

ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ ආණ්ඩු පක්ෂයට අද එක්වුනා.ඒ අනුව ඔහුට මහියංගනය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පිරිනමනු ලැබ තිබේ.

මේ අතර ඔහුගේ සහෝදරයා වන අනුර විදානගමගේ ඌව පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති ලෙස ඊයේ (10)ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මහින්ද පිළේ ප්‍රබලයෙකු වු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේන් දුරකතනය ඔස්සේ අප කල විමසිමකදි ඔහු සදහන් කළේ වත්මන් ශ්‍රීලනීප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යලිත් එකතු කර ශ්‍රීලනීප ආණ්ඩුවක් සෑදිම සදහා තමන් වත්මන් ජනාධිපතිවරයාට සහය පලකල බවයි.

රාජපක්ෂලාගේ සමිපතමයෙකු සිරිසේන ඩැහැගනී…-අනුර විදානගමගේ සෞඛ්‍ය ඇමති ලෙස දිවුරුම් දෙයි..

Amith Thenuka Vidanagamage

Check Also

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් උතුරු නැගෙනහිරටත් ඕනෑ…., සම්බන්ධන් Greiffට කියයි

දෙමළ ජනතාවගේ ඉඩම් යනු ඔවුන්ගේ අවශ්‍යවයටත් වඩා ඔවුන්ගේ ජීවිතය හා බද්ධ වූ අතිශය සංවේදී කාරණාවක් ...